ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හෙට (13) දිනය වනවිට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් පවසනවා.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ලබන 14,15 1සහ 6 දිනවල උතුර සහ නැගෙනහිර පළාත්වල වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වර්ධනය වන මෙම අඩුපීඩන කලාපය ක්‍රමයෙන් පීඩන අවපාතයක් සහ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බවයි අධ්යක්ෂවරයා වැඩිදුරටත් පවසන්නේ.
මේ හේතුවෙන් බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවික කටයුතුවන යෙදෙන්නන් කාලගුණ නිවේදන ගැන අවදානයෙන් පසුවන ලෙසයි දැනුම් දෙන්නේ.
