රජය අයවැය ගැන කතා කරන්නේ සැබෑ දත්ත සගවා බවත් බොරු දත්ත නිර්මාණය කර තමන්ට අවශ්‍ය දේ සාක්ෂාත් කරන වංචාකාර වැඩපිළිවෙළක් වත්මන් රජය ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , 2027 අයවැය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්, මහාචාර්යවරුන් සහ ක්ෂේත්රයේ විශේෂඥයන් සමඟ පැවැති පූර්ව අයවැය වැඩමුළුව අමතමින් මේ බව ප්‍රකාශ කර තිබුණා.
ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක අපේක්ෂකවරයාට 42%ක් ද සමගි ජන බලවේගයට 32%ක්ද ඡන්ද ලැබුණු බවත් 74%ක් ජනතා වරම ලැබුණේ නව IMF ගිවිසුමක් කරා යාමට බවත් ජනතා විමුක්ති පෙරමුණ සේම සමගි ජන බලවේගය ද නව IMF ගිවිසුමක් කරා යන බව මැතිවරණ සමයේ පැවසුවත් බලය ලැබුණු ජවිපේ ඒ ජන වරමට පයින් ගසා ජනතාව අසහනයට පීඩනයට පත් කර IMF ගිවිසුම සංශෝධනය නොකර දෙබිඩි පිළිවෙතක් අනුගමනය කළ බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.
කවුරු බලයට පත් වුවත් හැමදාම දිනන්නේ ත්රිලියනපතියන් හා බිලියනපතියන් බවත් මොවුන්ට රටේ ඇති අභියෝග හමුවේ කැපකිරීම් කළ නොහැකි නිසා IMF කොන්දේසි නිසා වැඩ කරන ජනතාවගේ EPF/ ETF පික්පොකට් ගැසූ බවත් බැංකු ක්ෂේත්රයට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී කිසිදු පාඩුවක් නොවු බවත් මුදල්වල පාලන කොටස් ආරක්ෂා කර IMF ගිවිසුම හරහා වැඩකරන ජනතාවගේ අර්ථසාධකය කොල්ලකෑ බවත් වත්මන් රජය පසුගිය රජයේ නව ලිබරල්වාදී ප්‍රතිපත්තියට එහා ගොස් එපා කියූ IMF ගිවිසුම ඒ ආකාරයෙන්ම අනුගමනය කළ බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරනවා.
අපේ ණය සාකච්ඡා සිදු කළේ ලැසාර්ඩ් යන ආයතනය බවත්, ශ්‍රී ලංකාවේ ණය සේම ඝානාවේ මෙන්ම සැම්බියාවේත් ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ බවත් , එහි දී අප රටට ලැබුණේ Macro link bond බවත් , එනම් ණය ආර්ථික වර්ධන ණය උගුලකට අප රට පැටවීම බවත් මේ අනුව අප රටේ ආර්ථික වර්ධන වේගය වැඩි වන විට ගෙවිය යුතු ණය ප්‍රමාණය වැඩි වීම සිදුවන බවත්, පසුගිය දිනවල IMF එක විපක්ෂය හමුවූ අවස්ථාවේ දී ප්‍රතිචාරක IMF ගිවිසුමක් අවශ්‍ය බව පැවසූ බවත්, රටට හිතකර කුප්‍රකට ධනපතියන් සුරක්ෂා නොකරන රට රකින ලක්ෂ 220ට ප්‍රමුඛස්ථානය ලබා දෙන IMF ගිවිසුමක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළා.
මේ රජය IMF කියන ප්‍රමාණයට වඩා බදු ගසා ප්‍රාථමික අතිරික්තයක් ඇති කර ගත් බවත්, 2.3 සිට 5.4 දක්වා බදු ගැසීමෙන් වැඩි කර ගත් බවත්, රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 13.9 සිට 15.4 දක්වා බදු ගසා වැඩි කර ගත් බවත්, අදටත් සමගි ජන බලවේගය මේ බදු බර අඩු කර ගැනීමට අදාළ කරුණු ඉදිරිපත් කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.
රටේ එක් පුද්ගලයකු රු. 17000කින් ජීවත් වෙන්නේ කොහොමද සම්බන්ධයෙන් කරන ලද ප්‍රශ්න කිරීමේ දී රජය කියන්නේ මේ ප්‍රමාණය මනින්නේ එක් පුද්ගලයකුට අවශ්‍ය දෛනික කිලෝ කැලරි 2030 අනුව බවත් MRI යන ආයතනයේ දත්ත අනුව ක්‍රියාකාරි පිරිමියෙකුට කිලෝ කැලරි 3340ක් සාමාන්‍ය පිරිමියෙකුට 2340ක් ක්‍රියාකාරි කාන්තාවකට 2680ක් සහ සාමාන්‍ය කාන්තාවකට 1890ක් කිලෝ කැලරි අවශ්‍ය බවත්, අදටත් මේ රජය දුප්පත්කම නිර්ණය කරන්නේ බොරු දත්ත මත පදනම්ව බවත් ලෝක බැංකු දත්ත අනුව අප රටෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් දුප්පත් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
අදටත් අස්වැසුම ලබා දෙන්නේ නිවැරදි ප්‍රතිලාභීන්ටද කියා ගැටලුවක් ඇති බවත්, සමෘද්ධි වැඩසටහන මෙන් සුදුස්සන්ට සහන නොලැබීමත් නුසුදුස්සන්ට සහනාධාර ලැබීමත් සිදුවන බවත්, අස්වැසුම ලබා දෙන්න ගමේ සිටින රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කර නොගෙන තෝරාගත් කණ්ඩායමක් තුළින් අදාළ පුද්ගලයන් තෝරාගත් බවත්, දැන්වත් සංශෝධිත ජනසවිය වැඩපිළිවෙළක් දුප්පත්කම තුරන් කරන්න අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.
කෘෂිකර්ම, ධීවර, කම්කරු, බුද්ධිමතුන් ආදිය ගොඩනැගිය යුතු බවත් තරුණයන් සේම ක්ෂුද්‍ර , කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් නව සංවර්ධන බැංකුවක් අවශ්‍ය බවත්, නව ව්‍යවසායකයන් මිලියනයක් ගොඩ නැගීමේ ව්‍යාපෘතිය සඳහා අලුත් සංවර්ධන බැංකුවක් නිර්මාණය කළ යුතු වුවත්, තවමත් එය නොවන බවත් ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ගොඩනංවන්න මුදල් වෙන් කළත් අමාරුවේ සිටින ව්‍යවසායකයන්ට මේ මුදල් නොලැබෙන බවත් , 2022 ආර්ථික අර්බුදය හමුවේ 250000ක් පමණ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වැසී ගිය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.
අයවැය ඉදිරිපත් කිරීමේ දී රජය ප්‍රකාශ කළ දේ කළ යුතු බවත්, 33%කින් විදුලි බිල අඩු කිරීම, වරායේ ගොඩබාන මිලට තෙල් ලබා දීම, ලක්ෂ 12 විට්ස් කාර් හා 50000 මෝටර්සයිකල් ලබා දීම සිදුවිය යුතු බවත්, පාසල් උපකරණවලින් වැට් බදු අයින් කරනවා කිව්වත් අදටත් එය නොකළ බවත්, මේවා ගැන රජයට මතක් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පෙන්වා දෙනවා.
වත්මන් රජයේ තුන්වැනි අයවැය ලේඛනය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. මීට පෙර ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැය ලේඛන දෙක සහ ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛනය තුළ ආණ්ඩුවේ ක්රියාකාරීත්වයේ ප්‍රගතිය විමසුමට ලක් කරමින් ජනතාව දැනුවත් කිරීම සඳහා oversight.lk නමින් වෙබ් අඩවියක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි (11) දියත් කර තිබෙනවා. මෙම වෙබ් අඩවිය මගින් පසුගිය අයවැය ලේඛනවල ප්‍රගතිය, එක් එක් අමාත්‍යාංශ පිළිබඳ තොරතුරු විග්රහයන්, රාජ්‍ය ආයතන පිළිබඳ ව සිදු කළ විගණන විමසුම්වල වාර්තා සහ ආණ්ඩුවේ අය මාර්ග සහ වැය කිරීම් පිළිබඳ ව විශ්ලේෂණාත්මක දත්ත තොරතුරු ඇතුලත් කොට තිබෙන බව ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
