කස්ස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා තුන්නම ආරම්භ කළ මාරාන්තික උපවාසයේ දෙවන දිනය අද

පූජ්‍ය බලංගොඩ කස්ස්සප හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා තුන්නමක් රුවන්වැලි මහා සෑය අභියස ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය දෙවන දිනටත් අද (12) ක්‍රියාත්මක වනවා.

අද දිනයේ එම ප්‍රදේශයට පවතින වැසි තත්ත්වයේ වුව ද මෙම මාරාන්තික උපවාසය ක්‍රියාත්මක බවයි ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ.

සිරදඬුවම් නියමව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීමට කටයුතු කරන ලෙස සහ අනුරාධපුර පූජා භූමියේ සංවර්ධන ව්‍යාපෘතිය නතර කරන ලෙස ඉල්ලමින් මෙම මාරාන්තික උපවාසය ඊයේ (11) දිනයේ ආරම්භ කරනු ලැබුවා.

උපවාසය අරඹමින් ස්වාමීන් වහන්සේලා තුන්නම සඳහන් කළේ ආහාර හෝ ජලය කිසිවක් ලබාගැනීමකින් තොරව ඉල්ලීම් ඉටුකරන තෙක් මෙම මාරාන්තික උපවාසය ක්‍රියාත්මක බවයි.