ගනේමුල්ල සංජීව ඝාතනයට වෙඩික්කරු හට ගිනි අවිය දුන්නේ නීතිඥ වෙස්ගත් කාන්තාවක් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක (වීඩියෝ)

අද (19) පෙරවරුවේ කොළඹ – අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ (අංක 05) සිදු වූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ ප්‍රබල අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තා ව ඝාතනයට වෙඩික්කරු සමග තවත් කාන්තාවක් ද පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසනවා.

එම සැකකාර කාන්තාව ද නීතිඥවරියක් ලෙස සැරසී අධිකරණ භූමියට ඇතුල් වී ඇති බවත්, හිස් අතින් ආ වෙඩික්කරු හට ගිනි අවිය අදාළ කාන්තාව විසින් පසුව ලබා දී ඇති බවත් දැනට සිදු කළ විමර්ශනවල දී තහවුරු වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් වන අපරාධයට යොදාගත් ගිනි අවිය නීතිඥවරුන් භාවිතා කරන අපරාධ නඩු විධාන සංග්‍රහය නමැති ප්‍රමාණයෙන් විශාල කෘතියෙහි ඇතුළත් සැක නොසිතෙන ආකාරයට, ඉතාමත් සූක්ෂ්මව පිටු අතර රිවෝල්වරය සැඟවීමට කපා ඊට අදාළ සැඟවීම් සිදු කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

වෙඩික්කරුව කිසිදු පරීක්ෂාවකින් තොරව අධිකරණ භූමියට ගෙන ඇති බවත්, මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් 05කගේ සහභාගීත්වයෙන් පරීක්ෂණ කටයුතු සිදු වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ වනවිට පැවැත්වෙන පොලිස් මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් දැනුම්දුන්නා.

සංජීව කුමාර සමරරත්න නමැති චූදිතයා මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කර විත්ති කූඩුවෙන් බැසීමට උත්සාහ කිරීමේ දී ඔහු ආසන්නයට ආ වෙඩික්කරු විසින් පපු ප්‍රදේශයට අදාළ වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21