ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ නීතිඥවරියට ව්‍යාජ හැඳුනුම්පතකින් බැංකු ගිණුම් 08ක්

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයක් තුළදී ගණේමුල්ල සංජීව නැමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටින තමරා කුමාරි අබේරත්න නමැති නීතිඥවරිය ව්‍යාජ හැඳුනුම්පතක් භාවිතා කරමින් කඩවත ප්‍රදේශයේ බැංකුවක ගිණුම් 08 ක් පවත්වාගෙන ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා වෙත දන්වනු ලැබුවා.

එම ගිණුම් හරහා විශාල වශයෙන් මුදල් හුවමාරුවීම් සිදුවී ඇතිි බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පවසා සිටියා.

විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ ඒ බව කියා සිද්ධිය සම්බන්ධ වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින්.

සැකකාර නීතිඥවරය තවදුරටත් රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටිනන බවත් එසේ ප්‍රශ්න කරමින් අනාවරණය කර ගන්නා තොරතුරු ඉදිරියේදී අධිකරණයට වාර්තා කිරීමට පියවර ගන්නා බවද එම නිලධාරීන් පවසා සිටියා.

විමර්ශන නිලධාරීහු අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම ගිණුම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකර ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සෙසු සැකකරුවන් තිදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් මාර්තු මස 5 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටද අධිකරණයෙන් නියම වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මහේෂ් ඔබේසේකර නමැති සැකකරු සන්තකයේ තිබී බෝම්බයක් අත්අඩංගුවට ගෙන ඇති බැවින් එය ආරක්ෂක අංශ ලවා නිෂ්ක්‍රීය කිරීමට අවසර ලබා දෙන ලෙසට කළ ඉල්ලීමටද අධිකරණයේ අවසරය හිමි වුණා.

නඩුවක් මාර්තු මස පස් වැනි දින නැවත කැඳවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවෝ මහ ජන ගඟක් හෝමාගමට එයි - "අනාගත නායකයට..ජයවේවා !"
01:06
Video thumbnail
යුවතියෝ ජන ගඟක් පේලි ගැසෙමින් නාමල් රාජපක්ෂ බලන්න හෝමාගමට...
00:51
Video thumbnail
ඩෙංගු නිසා ගමක් යකා නටයි කොළොන්නාවේ උණුසුම් තත්ත්වයක් - අවු:15ක් තිස්සේ..ඔයාලා චණ්ඩිකම් දානවා
07:59
Video thumbnail
පොලිස් නිලධාරීන්ගේ මේ හැසිරීම් අනුමත කළ හැකිද..?
02:47
Video thumbnail
ජාත්‍යන්තරය ජයගත් මහේන්ද්‍ර පෙරේරා සතුට වචනවලට පෙරලුව අයුරු - OMG..Super Amazing Feeling..
02:15
Video thumbnail
"අපේ දුක දැක්කේ සජිත් මහත්තයා විතරයි" - තරුණයෙක් සහ තරුණියක් සජිත්ට දුන්නු ක්‍රෙඩිට් එක..
01:02
Video thumbnail
රු. කෝටි 20කට අධික හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් එක්ක ගුවන් මගියෙක් කටුනායකින් මාට්ටු
01:37
Video thumbnail
කිරිදිඔයේ දිය නෑමට ගිය හිමිනමක් දියේ ගි# අපවත් වෙයි - දානයකට ඇවිත් අත්වූ ඛේදනීය ඉරණම
01:04
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ - ඩෙංගු මදුරුවෝ පිරිලා..කිසිම ක්‍රියාමාර්ගයක් නෑ
03:08
Video thumbnail
ශ්‍රී ලංකාවේ නම ලෝකයට අරන් ගිය ජපානයේ නුඩ්ල්ස් දන්සල - ජපන් ජාතිකකයෝ එක පෙළට දන්සලේ
02:01