කෝටා ක්‍රමයෙන් පසු බංග්ලාදේශ කතුන්ට රාජ්‍ය රැකියා ගැන රතු එළි

බංග්ලාදේශයේ 2024 ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරයට ප්‍රධාන හේතුවක් වූයේ රාජ්‍ය රැකියා කෝටා ක්‍රමය වෙනුවට කුසලතාව මත බඳවා ගැනීම් සිදුකිරීමයි. එම විරෝධතා අවසානයේ රජය පෙරළා දැමීමටද හේතු වූ අතර, රාජ්‍ය රැකියා කෝටා ක්‍රමය විශාල වශයෙන් සීමා කෙරුණා.

දැනට රාජ්‍ය සේවා තනතුරුවලින් සියයට 93ක් කුසලතාව මත පිරවෙන අතර, කාන්තාවන් සඳහා වෙනම කෝටාවක් නැහැ.

කෙසේ වෙතත්, මෙම ප්‍රතිසංස්කරණයෙන් පසු රාජ්‍ය සේවයට බඳවා ගන්නා කාන්තාවන්ගේ ප්‍රතිශතය පහළ ගොස් ඇති බව AFP වාර්තා කරයි. කෝටා ක්‍රමය අහෝසි කිරීමට පෙර Class I රාජ්‍ය සේවා බඳවා ගැනීම්වල කාන්තා නියෝජනය සියයට 35ක් දක්වා පැවති අතර, නවතම විභාග වටයේදී එය සියයට 19ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

පොලිස් බඳවා ගැනීම්වලද එවැනි තත්ත්වයක් දක්නට ලැබෙන අතර, මෙවර කොස්තාපල් තනතුරු සඳහා සුදුසුකම් ලැබූ 2,651 දෙනා අතරින් කාන්තාවන් සිටියේ 267 දෙනෙකු පමණයි.

කුසලතාව මත බඳවා ගැනීම් සිදුකිරීමට සහාය දක්වන පිරිස් පවසන්නේ කාන්තාවන්ට තරගකාරී වීමට අධ්‍යාපන හා පුහුණු අවස්ථා වැඩි කළ යුතු බවයි. එහෙත් විවේචකයන් පෙන්වා දෙන්නේ සමාන විභාගයක් පැවැත්වීම පමණක් සමාජයේ පවතින අවස්ථා අසමානතාවයන් විසඳන්නේ නැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46