කෝට්ටේ නගර සභාවේ හිටපු සභාපතිගෙන් හිටපු නාගරික මන්ත්‍රී ප්‍රභාත් තුෂාර සමාව අයදියි

ව්‍යාජ ඔප්පු සකස් කර සමූපකාර ඉඩමක් අත්පත් කරගත් බවට වත්කම් විමර්ශන ඒකකයට අසත්‍ය පැමිණිල්ලක් කිරීම සම්බන්ධයෙන් කෝට්ටේ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී ප්‍රභාත් තුෂාර මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ දී කෝට්ටේ නගර සභාවේ හිටපු සභාපති ජනක රණවක මහතාගෙන් සමාව අයැද සිටියා.

තමන් සම්බන්ධයෙන් එවැනි අසත්‍ය පැමිණිලි කළ කෝට්ටේ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරුන් නවදෙනෙකුගෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ජනක රණවක මහතා ගොනුකර තිබූ නඩුවක් කැඳවූ අවස්ථාවේදී තමන් නොදැනුවත් ව සිදු කළ එම පැමිණිල්ල නිසා ජනක රණවක මහතාට මෙන් ඔහුගේ පවුකේ ඥාතීන්ට ද යම් අපහාසයක් සිදු වූයේ නම් තමන් සමාව අයැද සිටින බව ප්‍රභාත් තුෂාර මහතා විවෘත අධිකරණය හමුවේ දී ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් පැමිණිලිකාර ජනක රණවක මහතා විරුද්ධත්වයක් නොදැක්වූයෙන් දෙපාර්ශ්වයේ එකඟත්වයෙන් එම නඩුව අවසන් කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චමරි දනන්සූරිය මහත්මිය අවසර දුන්නා.

එම සිද්ධිය සම්බන්ධයෙන් කෝට්ටේ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරුන් නවදෙනකුට එරෙහිව ජනක රණවක මහතා විසින් වෙන් වෙන් ව නඩු 09ක් පවරා තිබුණා.

පෙර දිනයේ එම නඩු කැඳවූ අවස්ථාවේ දී හිටපු නාගරික මන්ත්‍රීවරුන් වන ධම්මික චන්ද්‍රරත්න, අජිත් ශාන්ත, ඩෙන්සිල් දේවාසිරි හා කේ.කේ. ශාන්ත යන හිටපු නාගරික මන්ත්‍රීවරුන් හතරදෙනා ද පැමිණිලිකාර ජනක රණවක මහතාගෙන් විවෘත අධිකරණය හමුවේ දී සමාව අයැද සිටීම නිසා එකී නඩු කටයුත්ත අවසන් කර ගැනීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

සෙසු වන්දි නඩු 04 ලබන අප්‍රේල් මස 28 වැනිදා දක්වා කල් තැබීමට අතිරේක දිසා විනිසුරුවරිය දින නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40