කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීම සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ

කොළඹ ආරක්ෂක සමුළුවේ (CSC) සාමාජික රටවල් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, මාලදිවයින සහ මොරිෂස් යන රටවල්, කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීම සඳහා වන ප්‍රඥප්තිය සහ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (30) සිදුකෙරුණා.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, මාලදිවයිනේ ජාතික ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් (විශ්‍රාමික) ඊබ්‍රාහිම් ලතීෆ්, ශ්‍රී ලංකාවේ මොරිෂස් මහ කොමසාරිස් හේමන්ඩෝයල් ඩිලුම් සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන අය අදාළ සාමාජික රටවල් වෙනුවෙන් ගිවිසුම්වලට අත්සන් තැබුවා.

ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, මාලදිවයිනේ ජාතික ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් (විශ්‍රාමික) ඊබ්‍රාහිම් ලතීෆ්, ශ්‍රී ලංකාවේ මොරිෂස් මහ කොමසාරිස් හේමන්ඩෝයල් ඩිලුම් සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්වරුන් විශේෂ සාකච්ඡාවක ද නිරත වුණා.

මේ අතර දිවයිනට පැමිණ සිටින ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (30) උදෑසන ජනාධිපති කාර්යාලයේදී සිදුවුණා.

එහිදී දෙරට අතර ආර්ථික සහයෝගීතාව, ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ මෙන්ම කලාපීය සහයෝගීතව පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය ජාතික ආරක්ෂක ප්‍රධානී අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11
Video thumbnail
මිනිස්සු පරණ පුරුද්දෙන් ගලවන්න අමාරුයි..ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි - ප්‍රතිවිරෝධයක් ඇතිවෙනවා
04:11
Video thumbnail
"කොස් මල්ලි"ගේ මස්සිනා "භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:43
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23