කොස්ගම වෙඩි තැබීමේ තොරතුරු රැසක් එළියට – පාතාල කල්ලි සාමාජිකයෙකුත් ත්‍රිරෝද රථය ඇතුළේ (වීඩියෝ)

කොස්ගම පොලිස් වසමට අයත් බොරළුගොඩ – පාලම් තරාදිය අසලදී අද (06) අලුයම සිදු වූ වෙඩි තැබීමෙන් කුඩා දරුවෙක් ඇතුළු තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළා.

ඊයේ (05) රාත්‍රියේ හංවැල්ල ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් නරඹා ආපසු අවිස්සාවේල්ල බලා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවටයි මේ තොරතුරු වාර්තා වන්නේ.

පොලිසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් ත්‍රිරෝද රථය නවතා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

මෙම වෙඩි තැබීමෙන් ‘කොටහැර පොඩ්ඩා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුවන 44 හැවිරිදි කඳන ආරච්චිගේ ශ්‍රියන්ත කුමාර නැමැත්තා තුවාල ලබා ඇති බවයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.

තුවාල ලැබූ අනෙක් දෙදෙනා රණසිංහ ආරච්චිගේ මල්කි සෙනාලි නැමැති 30 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ විමාසා හංසනී නැමැති 12 හැවිරිදි දියණිය බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි තැබීම සඳහා මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

වෙඩි තැබීම සිදුවූ ස්ථානයට ආසන්නයේ පිහිටි නිවසක ආලින්දයේ ලේ පැල්ලම් කිහිපයක් දක්නට ඇති අතර , වෙඩි පහරට ලක් වූ අයෙකු එම නිවසට ගොස් සැඟවෙන්නට උත්සාහ කර ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ.

තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කෙරුණු අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොස්ගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27