කාලගුණික විපර්යාස අවම කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලයි

කාලගුණික විපර්යාස අවම කිරීම සඳහා රජය විසින් ගෙන තිබෙන ක්‍රියා මාර්ග කවරේදැයි දැක්වෙන වාර්තාවක් සති 06ක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (05) නීතිපතිවරයාට නියෝග කළා.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද සලකා බැලීමෙන් අනතුරුව ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝග නිකුත් කරනු ලැබුවා.

පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි රවීන්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කාලගුණ විපර්යාස අවම කිරීම සඳහා රජය වෙත විශේෂ කාර්යභාරයක් පැවරී තිබෙන බව පෙන්වා දුන්නා.

ඒ, අනුව කාලගුණ විපර්යාස අවම කිරීම සඳහා රජය විසින් මේ දක්වා ගෙන තිබෙන ක්‍රියාමාර්ග කවරේ දැයි විමසීම අත්‍යවශ්‍ය බවත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කාලගුණ විපර්යාස අවම කිරීම සඳහා ගෙන තිබෙන ක්‍රියාමාර්ග කවරේ දැයි අද දින සිට සති 06ක් තුළ අධිකරණය හමුවේ වාර්තාවක් ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කළා.

රජය විසින් ගෙන තිබෙන අදාළ පියවර පිළිබඳ වාර්තාව ගොනු කිරීමෙන් පසුව ඒ පිළිබඳව අධ්‍යයනය කර සති තුනක් තුළ සිය නිරීක්‍ෂණ ඉදිරිපත් කිරිමට පියවර ගන්නා ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශ්වයට නියම කළා.

ඉන් අනතුරුව අදාල පෙත්සම ජූනි මස 11 වනදා විවෘත අධිකරණයේ යළි කැඳවන ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියෝග කරනු ලැබුවා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, සුනිත්‍ය බල ශක්ති අධිකාරිය, පරිසර අමාත්‍යවරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම්, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම්කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18