කාලගුණයෙන් අවවාදාත්මක රතු නිවේදනයක් – 24, 25 සහ 26 දිනවල නිරිත දිග මෝසමත් සක්‍රීය වෙයි

එළඹෙන 24, 25 සහ 26 යන දිනයන් වන විට දිවයිනට බලපාන නිරිත දිග මෝසම් තත්ත්වය ආරම්භ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසනවා.

මේ අතර දිවයින ඊසාන දෙසින් බෙංගාල බොක්ක අවට පවතින අඩු පීඩන කලාපය තව දුරටත් එලෙසම පවතින බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

ඒ, අනුව වැසි තත්ත්වය තවදුරටත් පවතින ලකුණු පෙන්නුම් කරන බවයි අද (13) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු සඳහන් කළේ.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හි බවයි අදාළ නිවේදනයෙන් දක්වා ඇත්තේ.

එමෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි අතර,ගිගුරුම් සහිත තද වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
8
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිරගෙවල් මතක් වෙනකොට කට්ටිය දැන් කෑගහනවා
11:23
Video thumbnail
අනුර කුමාර, ගෝඨව ආදර්ශයට ගන්න - නලින්ද ඉල්ලා අස්වෙන්න
04:06
Video thumbnail
රු. 50000ක දඩයක් ග#න්න - චාන්ස් දෙන්න එපා, නඩු දාන්න
05:07
Video thumbnail
ඩයස්පෝරාවට ඕන විදිහට තමයි මේ ආණ්ඩුව වැඩ කරන්නේ
10:05
Video thumbnail
අනේ සර් ෆොටෝ එකක් ගමුකෝ - ජනපතිට ලැබුණු ආදරය
01:55
Video thumbnail
නුවරඑළිය නගරයේ සියලුම පදික වෙළඳාම් ඉවත් කිරීමට නගරාධිපතිගෙන් උපදෙස්
05:40
Video thumbnail
"දරු පැටව් දෙන්නට තාත්ති කියන්න කෙනෙක් කෝ"ජේලර් චන්ද්‍රවංශගේ අවසන් කටයුතු කඳුළු මැද සිදුකළ අයුරු
04:00
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.09
08:41:47
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුලෙන් එළියට ආ වීඩියෝව මෙන්න
01:28
Video thumbnail
දැක්කනේ තිස්සකුට්ටි වැඳලා සමාව ගත්තේ - දැන් පොහොට්ටුවේ කට්ටිය බයවෙලා
10:19