Indian Premier League

කාන්තාවක් පැද වූ මෝටර් රථයක් අනතුරකට ලක්ව තුනක් ජීවිතක්ෂයට (වීඩියෝ)

පාදෙණිය – අනුරාධපුර මාර්ගයේ ඇල්ල පන්සල ඉදිරිපිට අද (17) දහවල් මෝටර් රථයක් අනතුර ලක්ව තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෝටර් රථය පැද වූ කාන්තාවගේ මව පියා සහ දරුවා බවයි වාර්තා වන්නේ.

අනුරාධපුර සිට කුලියාපිටිය බලා ගමන් ගත් මෝටර් රථයක් ලිස්සා ගොස් මාර්ග අසල ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෝටර් රථය පැද වූ 45 හැවිරිදි කාන්තාව බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වුණේ.

මිය ගිය කුඩා දරුවා වයස අවුරුදු 3 1/2ක සහ අනෙක් දෙදෙනා පිළිවෙලින් වයස අවුරුදු 70 සහ 71 යන වයස්වල පසුවූවන් බව සඳහන්.

සිද්ධියට මුහුණ පා ඇත්තේ අනුරාධපුර, ගුවන්තොටුපොළ මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

https://youtu.be/7s0pOzYLgCI
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?