ක්‍රීඩා ඇමතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඉල්ලා අස්විමේ ලිපිය භාර දෙයි

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.

ඒ, පිළිබඳව ඔහු විසින් ලිඛිතව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙත දන්වා යවා තිබෙනවා.

අදාළ ලිපිය මඟින් තම ඉල්ලා අස්වීමට හේතු වූ කරුණු ඔහු විසින් එකිනෙක සඳහන් කර තිබීම ද විශේෂත්වයක්.

එහිදී ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංගගේ අදූරදර්ශී, කුහක හැසිරීම නිසාවෙන් තමා බලවත් කම්පාවට සහ පීඩනයට පත්ව සිටීම මෙම තීරණය ගැනීමට ප්‍රධානතම හේතුව වූ බවයි සුදත් චන්ද්‍රසේකර දන්වා ඇත්තේ.

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස අර්ජුන රණතුංග වෙත ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර විසින් ලිඛිතව සිදුකළ දැනුම්දීමක් මත පසුගිය දින දෙක තුළ ඔහු පිළිබඳව සමාජයේ දැඩි කතා බහක් මතු වුණා.

සුදත් චන්ද්‍රසේකර මෙම ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රීඩා අමාත්‍යවරයාට යොමු කළ ද ඔහු එය පිළිගෙන නැහැ.

සුදත් චන්ද්‍රසේකර විසින් අමාත්‍යවරයා වෙත යොමුකළ ඉල්ලා අස්වීමේ ලිපිය පහතින්.

02 1
03
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?