ඖෂධ සංස්ථාවේ සභාපතිට ජනපති ඉන්න කියයි

ඖෂධ සංස්ථාවේ සභාපති ධූරයෙන් ඉවත්වීමට වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ගත් තීන්දුව මසකින් කල් දමන ලෙසට ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබෙනවා .

මේ හේතුවෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපහසුතාවයකට මුහුණ දී ඇති බවටයි වාර්තා වන්නේ .

මීට පෙර මාධ්‍ය වාර්තා මගින් වාර්තා වුණේ ප්‍රසන්න ගුණසේන මහතා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් ඊට හේතුව වී ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල සමග ඇති කරගත් මතගැටුමක් බවත්ය .

සෞඛ්‍ය අමාත්‍යංශය ආරංචි මාර්ග පවසන්නේ ඒ අනුව ඊයේ දින දක්වාම කෙහෙළිය රඹුක්වැල්ල පාර්ශ්වය ජය ගෙන ඇති බව පෙනෙන්නට තිබුණද ජනාධිපතිවරයා මේ සිද්ධියට මැදිහත් වීමත් සමග තත්වය වෙනස් වී ඇති බවයි

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මතුව ඇති තත්ත්වය හේතුවෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය තනතුරින් ඉවත්ව යාමේ වාතාවරණයක් මතුව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23