ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය තහනම යටතේ මෙටා සමාගම ගිණුම් 550,000ක් අවහිර කරයි

ඕස්ට්‍රේලියාව විසින් වයස අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමත් සමඟ මෙටා සමාගම විසින් ගිණුම් 550,000ක් පමණ අවහිර කර ඇති බව වාර්තා වනවා.

ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් ඇතුළු ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය වෙබ් අඩවි වයස අවුරුදු 16ට අඩු ඕස්ට්‍රේලියානුවන්ට පිවිසීම සහ ගිණුම් පවත්වාගෙන යාම තහනම් කරන නව නීතියක් ඉකුත් දෙසැම්බර් මාසයේ දී සම්මත කර ගනු ලැබුවා.

ලොව පුරා සමීපව නිරීක්ෂණය කරනු ලබන මෙම තහනම, හානිකර අන්තර්ගතයන් සහ ඇල්ගොරිතම වලින් දරුවන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය බවයි ඕස්ට්‍රේලියානු රජය පැවසුවේ.

මෙටා ඇතුළු සමාජය මාධ්‍ය සමාගම් පවසා ඇත්තේ තරුණයින් අන්තර්ජාලය තුළ ආරක්ෂිතව තබාගැනීම සඳහා තවත් අවශ්‍ය බව ඔවුන් එකඟ වන බවයි.

නව නීතියට අනුව පළමු සතිය තුළ ඕස්ට්‍රේලියාවේ ඉන්ස්ටග්‍රෑම් හි ගිණුම් 330,639 ක්, ෆේස්බුක් හි ගිණුම් 173,497ක් සහ Threads හි ගිණුම් 39,916ක් අවහිර කළ බවයි එම සමාගම පැවසුවේ.

මේ අතර එක්සත් ජනපද ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිට යුරෝපීය සංගමය දක්වා විවිධ රජයන්, දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම සම්බන්ධයෙන් අත්හදා බලමින් සිටිනවා.

නමුත්, අවුරුදු 16ක ඉහළ වයස් සීමාවක් සමඟින්, මෙවැනි ප්‍රතිපත්තියක් තුළ දෙමාපියන්ගේ අනුමැතිය සඳහා නිදහස් කිරීමක් ප්‍රතික්ෂේප කළ පළමු අධිකරණ බලය ඕස්ට්‍රේලියාව වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59