උසස් පෙළ අවසන් කරන සිසු සිසුවියන්ට කරන්න අලුත් වැඩක්

උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් වෙනුවෙන් විශේෂ මාර්ගෝපදේශනයක් සහ වෘත්තීය පුහුණු පාඨාමාලා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අධ්‍යපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගය අවසන් වීමෙන් පසු පෙබරවාරි 20 වනදා සිට මධ්‍යස්ථාන 300කදී මෙම වැඩසටහන ආරම්භ කරන බවයි.

එහිදී සිසු සිසුවියන්ට තමන් කැමති ආකාරයේ මාර්ග උපදේශනයක් සහ සුදුසු වෘත්තිය පුහුණ පාඨමාලාවකට යොමු කිරීමට අපේක්ෂිතයි.

එය එම සිසු සිසුවියන් අධ්‍යාපනය ලැබූ පාසලේ විදුහල්පතිවරයා හරහා උපදෙස් ලබාගෙන වෙබ් අඩවිවලට පිවිසීමට හැකියාව පවතිනවා.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියාසිටියේ මෙම සියලු පාඨමාලා නොමිලේ ලබාදෙන බවයි.

උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වෙන තෙක් ඉංග්‍රීසි භාෂාව, තොරතුරු තාක්ෂණය වැනි විෂයන් හැදෑරීමට අවස්ථාව ලැබෙනු ඇති.

මේ සඳහා විශාල පිරිසක් පුහුණු කර දැනුවත් කිරීම්වලින් අනතුරුව සේවයේ යොදවා ඇති අතර විභාගයට පෙනී සිටි අපේක්ෂකයන්ට තමන්ට සමීපතම මධ්‍යස්ථානයේදී පුහුණුව ලැබිය හැකියි.

ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ඒ අනුව විශ්ව විද්‍යාලවලට යාමට හෝ වෙනත් පාඨමාලාවලට යාමට ද අවස්ථාව පවතිනවා.

ප්‍රතිඵල නිකුත් වීමට පෙර අනාගතයේදී ගත යුතු මාර්ගය පිළිබඳ සිසු සිසුවියන්ට මූලික දැනුමක් මෙමගින් ලැබෙන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

සාමාන්‍ය පෙළ විභාගය සඳහා හාරලක්ෂ පනස් දහසක පමණ අපේක්ෂකයන් පිරිසක් පෙනී සිටින අතර එම සිසු සිසුවියන් වෙනුවෙන් ද වැඩසටහනක් සකස් කර ඇතැයි ඔහු ප්‍රකාශ කළා.

ඊට අදාළව නිලධාරීන් ද දැනුවත් කර සිසු සිසුවියන්ට වෘත්තිකයෙක් හෝ ව්‍යවසායකයන් වීමට අවශ්‍ය වැඩ පිළිවෙලක් වෙනුවෙන් මෙය සකස් කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42