spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උසස් පෙළ අවසන් කරන සිසු සිසුවියන්ට කරන්න අලුත් වැඩක්

උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් වෙනුවෙන් විශේෂ මාර්ගෝපදේශනයක් සහ වෘත්තීය පුහුණු පාඨාමාලා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අධ්‍යපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගය අවසන් වීමෙන් පසු පෙබරවාරි 20 වනදා සිට මධ්‍යස්ථාන 300කදී මෙම වැඩසටහන ආරම්භ කරන බවයි.

එහිදී සිසු සිසුවියන්ට තමන් කැමති ආකාරයේ මාර්ග උපදේශනයක් සහ සුදුසු වෘත්තිය පුහුණ පාඨමාලාවකට යොමු කිරීමට අපේක්ෂිතයි.

එය එම සිසු සිසුවියන් අධ්‍යාපනය ලැබූ පාසලේ විදුහල්පතිවරයා හරහා උපදෙස් ලබාගෙන වෙබ් අඩවිවලට පිවිසීමට හැකියාව පවතිනවා.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියාසිටියේ මෙම සියලු පාඨමාලා නොමිලේ ලබාදෙන බවයි.

උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වෙන තෙක් ඉංග්‍රීසි භාෂාව, තොරතුරු තාක්ෂණය වැනි විෂයන් හැදෑරීමට අවස්ථාව ලැබෙනු ඇති.

මේ සඳහා විශාල පිරිසක් පුහුණු කර දැනුවත් කිරීම්වලින් අනතුරුව සේවයේ යොදවා ඇති අතර විභාගයට පෙනී සිටි අපේක්ෂකයන්ට තමන්ට සමීපතම මධ්‍යස්ථානයේදී පුහුණුව ලැබිය හැකියි.

ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ඒ අනුව විශ්ව විද්‍යාලවලට යාමට හෝ වෙනත් පාඨමාලාවලට යාමට ද අවස්ථාව පවතිනවා.

ප්‍රතිඵල නිකුත් වීමට පෙර අනාගතයේදී ගත යුතු මාර්ගය පිළිබඳ සිසු සිසුවියන්ට මූලික දැනුමක් මෙමගින් ලැබෙන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

සාමාන්‍ය පෙළ විභාගය සඳහා හාරලක්ෂ පනස් දහසක පමණ අපේක්ෂකයන් පිරිසක් පෙනී සිටින අතර එම සිසු සිසුවියන් වෙනුවෙන් ද වැඩසටහනක් සකස් කර ඇතැයි ඔහු ප්‍රකාශ කළා.

ඊට අදාළව නිලධාරීන් ද දැනුවත් කර සිසු සිසුවියන්ට වෘත්තිකයෙක් හෝ ව්‍යවසායකයන් වීමට අවශ්‍ය වැඩ පිළිවෙලක් වෙනුවෙන් මෙය සකස් කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?