උතුර සහ නැගෙනහිර පළාත්වල පාසල් 100 ක් නවීකරණයට ජපන් ආධාර

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක අද (30) පෙරවරුවේ ටෝකියෝ හි ඉම්පීරියල් හෝටලයේදී නිපොන් පදනමේ ආරම්භක සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) හමුවී සාකච්ඡාවක නිරත වුණා.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය තව දුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වී තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ සියලු ප්‍රජාවන්ගේ ජීවනෝපායන් නඟා සිටුවීම සඳහා අඛණ්ඩව සහයෝගය ලබා දෙන බව යොහෙයි සසකාවා (Yohei Sasakawa) මෙහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළා.

එසේම උතුර සහ නැගෙනහිර පළාත්වල පාසල් 100 ක් ප්‍රතිසංස්කරණය කිරීම සහ නවීකරණය කිරීම සඳහා වන ඉදිරි සැලසුම් ද ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබුවා.

ශ්‍රී ලාංකික ජනතාවගේ සංවර්ධනය සහ යහපැවැත්ම නගා සිටුවීමට දරන උත්සාහය සහ ශ්‍රී ලංකාව තුළ සමාජ සේවය වෙනුවෙන් වන දිගු කාලීන කැපවීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී යොහෙයි සසකාවා (Yohei Sasakawa) වෙත සිය කෘතඥතාව පළකර තිබෙනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30