මෙරට ඉදිකරන ලද සිව්වන මෙට්‍රෝ බස් ඩිපෝව ලෙස රත්මලාන මෙට්‍රෝ ඩිපෝව අද (21) සිට සිය නිල මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලැබුවා.
ඒ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ ප්‍රධානත්වයෙන්.
මෙය මෙට්‍රෝ බස් ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ස්ථාපිත කෙරෙන සිව්වන ඩිපෝව ලෙස සැලකෙන්නේ.
තලංගම, කඩවත සහ ඒකල යන ප්‍රදේශවල ප්‍රදේශවල ස්ථාපිත කළ මෙට්‍රෝ බස් ඩිපෝ මීට පෙර සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලැබුවා.
මෙට්‍රෝ බස් රථවල මෙහෙයුම්, පරිපාලන සහ නඩත්තු කටයුතු වඩාත් විධිමත් හා කාර්යක්ෂම ලෙස සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම මෙම ඩිපෝ පද්ධතියේ ප්‍රධාන අරමුණ වනවා.













