ඉන්ධන පිරවුම්හලක ගුටි කෙළියකින් පිය පුතු ඇතුළු තුනක් රෝහලේ

QR කාඩ් පතක් නොමැතිව ඉන්ධන ලබා ගැනීමට යාමේ දී ඇති වූ ගැටුමක් හේතුවෙන් තුවාල ලැබූ තිදෙනෙක් ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඊයේ (01) පස්වරුවේ හලාවත – පුංචි විලත්තව ඉන්ධන පිරවුම්හලේදී මෙම ගැටුම හටගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම ගැටුමෙන් පියපුතු දෙපළක් සහ ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

තරුණයෙකු විසින් QR කාඩ් පත නොමැතිව පිරවුම්හලට ඉන්ධන ලබා ගැනීමට පැමිණ ඇති අතර, එහිදී පිරවුම්හල් සේවකයා සමඟ බහින් බස්වීමක් ඇති කරගෙන තිබෙනවා.

පසුව ඒ සම්බන්ධයෙන් දැනගෙන ඔහුගේ පියාද එම ස්ථානයට පැමිණ ඇති අතර, එහිදී පියා සහ පුතා තමන්ට කඩුවකින් පහර දුන් බවයි පිරවුම්හලේ සේවකයා පවසා ඇත්තේ.

එම අවස්ථාවේ දී තමන් බේරාගැනීමට ඉදිරිපත් වූ පිරවුම්හලේ අනෙකුත් සේවකයින් විසින් අදාළ පියා සහ පුත්‍රයාට පහර දෙන්නට ඇති බවයි පහරකෑමට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබන පිරවුම්හලේ සේවකයා වැඩිදුරටත් පවසා ඇත්තේ.

කැපුම් සහ පහරදීම් හේතුවෙන් තිදෙනාටම තුවාල සිදුවී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

තුවාල ලබා රෝහල් ගත කර ඇති පියා ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයෙකුගේ ආධාරකරුවෙකු බවද සඳහන්.

හලාවත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16