spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන පිරවුම්හලක ගුටි කෙළියකින් පිය පුතු ඇතුළු තුනක් රෝහලේ

QR කාඩ් පතක් නොමැතිව ඉන්ධන ලබා ගැනීමට යාමේ දී ඇති වූ ගැටුමක් හේතුවෙන් තුවාල ලැබූ තිදෙනෙක් ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඊයේ (01) පස්වරුවේ හලාවත – පුංචි විලත්තව ඉන්ධන පිරවුම්හලේදී මෙම ගැටුම හටගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම ගැටුමෙන් පියපුතු දෙපළක් සහ ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

තරුණයෙකු විසින් QR කාඩ් පත නොමැතිව පිරවුම්හලට ඉන්ධන ලබා ගැනීමට පැමිණ ඇති අතර, එහිදී පිරවුම්හල් සේවකයා සමඟ බහින් බස්වීමක් ඇති කරගෙන තිබෙනවා.

පසුව ඒ සම්බන්ධයෙන් දැනගෙන ඔහුගේ පියාද එම ස්ථානයට පැමිණ ඇති අතර, එහිදී පියා සහ පුතා තමන්ට කඩුවකින් පහර දුන් බවයි පිරවුම්හලේ සේවකයා පවසා ඇත්තේ.

එම අවස්ථාවේ දී තමන් බේරාගැනීමට ඉදිරිපත් වූ පිරවුම්හලේ අනෙකුත් සේවකයින් විසින් අදාළ පියා සහ පුත්‍රයාට පහර දෙන්නට ඇති බවයි පහරකෑමට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබන පිරවුම්හලේ සේවකයා වැඩිදුරටත් පවසා ඇත්තේ.

කැපුම් සහ පහරදීම් හේතුවෙන් තිදෙනාටම තුවාල සිදුවී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

තුවාල ලබා රෝහල් ගත කර ඇති පියා ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයෙකුගේ ආධාරකරුවෙකු බවද සඳහන්.

හලාවත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?