ඉන්දු ගංගා ජල ගිවිසුම ගැන බේරුම්කරණ අධිකරණ තීන්දුව ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි

1960 ‘ඉන්දු ගංගා ජල ගිවිසුම’ සම්බන්ධයෙන් බේරුම්කරණ අධිකරණයක් ලබාදුන් නව තීන්දුව ඉන්දියාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ලෝක බැංකුව විසින් පිහිටුවනු ලැබූ බව කියන මෙම බේරුම්කරණ අධිකරණය ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කරමින් පිහිටුවා ඇති බැවින් එය නීත්‍යනුකූල නොවන බවයි.

එම අධිකරණයට ඉන්දියාවේ ස්වෛරී තීරණ සම්බන්ධයෙන් තීන්දු ලබාදීමට කිසිදු බලයක් නොමැති බවත්, එහි වර්තමාන හෝ අනාගත තීන්දු ඉන්දියාවේ ක්‍රියාමාර්ගවලට බලපෑමක් නොකරන බවත් නවදිල්ලිය අවධාරණය කරනවා.

ඉන්දියාව මෙම ගිවිසුම අත්හිටුවීමට පියවර ගත්තේ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවයි.

ඉන්දියාවේ ස්ථාවරය වන්නේ දේශසීමා හරහා ක්‍රියාත්මක ත්‍රස්තවාදය සහ ජල සම්පත් සහයෝගීතාව එකවර පවත්වාගෙන යා නොහැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54