Fly high Get bonus Aviator Phone

ඉන්දියාවේ දුම්රියක ගින්න – 10 දෙනෙක් ජීවිතක්ෂයට (වීඩියෝ)

තමිල්නාඩු ප්‍රාන්තයේ මදුරෙයි ප්‍රදේශයේ දී දුම්රියක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ මෙම ගිනි ගැනීමෙන් තවත් 20 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බවයි.

අද (26) අලුයම මදුරෙයි දුම්රිය ස්ථානය අසල නවතා තිබූ සංචාරක දුම්රියක මෙම ගින්න හටගෙන තිබෙනවා.

ගින්නට හසුව ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින්ගේ මෘත දේහය මදුරෙයි රාජාජි රජයේ රෝහල වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ උත්තර් ප්‍රදේශ්හි සිට පැමිණි වන්දනාකරුවන් පිරිසක් මෙම දුම්රිය තුළ සිට ඇති බවයි.

සංචාරක දුම්රියේ සිටි මගියෙකු කෝපි සෑදීම සඳහා ගෑස් ලිපක් දැල්වීමේ දී එය පිපිරීමට ලක්ව ගින්න හටගෙන ඇති බවයි තමිල්නාඩු පොලිසිය පවසන්නේ.

මෙම ගෑස් සිලින්ඩරයක් දැනුවත් කිරීමකින් තොරව හොර රහසේ දුම්රියේ රැගෙන ඇවිත් ඇති බවට ද තොරතරු අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් නුවරඑළියේදි ජනපතිත් එක්වෙයි
07:45
Video thumbnail
බිහිසුණු ගුවන් අනතුරින් දිය යට සැඟව ගිය බෙල් 212 යානය ගොඩට ගත් හැටි
02:44
Video thumbnail
අභිරහස් ගින්නෙන් කොළොම්තොට අහසම වෙලාගෙන අවසන්!
03:57
Video thumbnail
කොටහේන දැරියගේ සිද්ධියට ගේම අදින කාන්තාවෝ වැඩ අරඹයි
03:52
Video thumbnail
අකාලයේ පරවූ මල් කැකුළට යුක්තිය ඉටුවේවිද ?
00:38
Video thumbnail
වෝක්ෂොල් වීදියේ හටගත් ගින්නේ ඔබ නොදුටු බිහිසුණු දසුන්
05:04
Video thumbnail
ප්‍රබලයෙක් සජබයෙන් ඉල්ලා අස්වෙයි - මම යනවා යන්න
18:00
Video thumbnail
ඉන්දු - පකිස්ථාන ගැටුම් නිසා ලංකාවට වෙන දේ - ලොකු අවදානමක්
07:08
Video thumbnail
ගින්නක් ගින්නක් - වෝක්ෂොල් වීදියම කැළඹූ ගින්න - මිනිස්සුන්ට හුස්ම ගන්නත් බැහැ
07:19
Video thumbnail
බෙල් 212 යානයේ ඉන්ධන විසිරීම පාලනයට විශාල පරිශ්‍රමයක
01:15

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?