ඉන්දියාවේ දුම්රියක ගින්න – 10 දෙනෙක් ජීවිතක්ෂයට (වීඩියෝ)

තමිල්නාඩු ප්‍රාන්තයේ මදුරෙයි ප්‍රදේශයේ දී දුම්රියක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ මෙම ගිනි ගැනීමෙන් තවත් 20 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බවයි.

අද (26) අලුයම මදුරෙයි දුම්රිය ස්ථානය අසල නවතා තිබූ සංචාරක දුම්රියක මෙම ගින්න හටගෙන තිබෙනවා.

ගින්නට හසුව ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින්ගේ මෘත දේහය මදුරෙයි රාජාජි රජයේ රෝහල වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ උත්තර් ප්‍රදේශ්හි සිට පැමිණි වන්දනාකරුවන් පිරිසක් මෙම දුම්රිය තුළ සිට ඇති බවයි.

සංචාරක දුම්රියේ සිටි මගියෙකු කෝපි සෑදීම සඳහා ගෑස් ලිපක් දැල්වීමේ දී එය පිපිරීමට ලක්ව ගින්න හටගෙන ඇති බවයි තමිල්නාඩු පොලිසිය පවසන්නේ.

මෙම ගෑස් සිලින්ඩරයක් දැනුවත් කිරීමකින් තොරව හොර රහසේ දුම්රියේ රැගෙන ඇවිත් ඇති බවට ද තොරතරු අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලුම්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට දිලුම් සමාව ගයි..මට ලැබුණු ආරංචිය තමයි මම කිව්වේ
03:11
Video thumbnail
අනුර කුමාරට ගෝඨාභය මුණගැහෙයි - පරිස්සම් වෙන්න
03:58
Video thumbnail
හර්ෂට ලැබුණු විනාඩි 3න් ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වයි
04:26
Video thumbnail
මස්කෙළියේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කරයි
02:44
Video thumbnail
ඉරාන්ගෙන් ක්‍රිකට් ව්‍යවස්ථාව ගැන විශේෂ ප්‍රකාශයක් - අපිට ආණ්ඩුවෙන් කිසිම බලපෑමක් නෑ
07:39
Video thumbnail
බල නහර ක#ගන්න එපා ජනාධිපතිතුමෝ - ප්‍රසාද් ජනාධිපතිගෙන් ඉල්ලයි
05:46
Video thumbnail
ලොරියක් අඩි 250ක ප්‍රපාතයකට පෙරළී සිදු වූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
සලේ ඇත්තටම මේකට සම්බන්ධද ? සාටකත් ගෑවිලද ? නාමල් සියල්ලට පිළිතුරු දෙයි
02:09
Video thumbnail
"බෑග් එක ඇරලා බලද්දි අම්මගේ කකුල් දෙක දැක්කා"සීදූවම සලිත කළ සිද්ධියේ නවතම දර්ශන
05:43
Video thumbnail
චානකගෙන් භයානක හෙළිදරව්වක් - ආණ්ඩුවෙන් රට තුළට සුදු මැස්සෝ ගෙනල්ලා..?
06:25