ඕස්ට්‍රේලියාවට බලපා ඇති ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුවෙන් මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමු වූ බව එරට බලධාරීන් පවසනවා.
මෙම සුළි කුණාටුව හේතුවෙන් හමුදා සේවකයින් 36 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව ඉදිරි පැය කිහිපය තුළ ක්වීන්ස්ලන්ත අගනුවර වන බ්‍රිස්බේන් වෙත ඇතුළු වීමට නියමිත බවයි ඕස්ට්‍රේලියානු කාලගුණ බලධාරීන් පවසන්නේ.
මෙම සුළි කුණාටුවේ ප්‍රචණ්ඩත්ව පළමු මට්ටමේ සුළි කුණාටුවක් දක්වා අවම වී ඇති අතර, උපරිම සුළඟේ වේගය පැයට කිලෝ මීටර 80ක් පමණක් වනු ඇති බවයි පුරෝකතනය කර ඇත්තේ.
ක්වීන්ස්ලන්තය සහ උතුරු නිව් සවුත් වේල්ස් ප්‍රදේශ දෙකෙහිම කාලගුණ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, කුණාටුව ගොඩබිමට කඩා වැදීමට නියමිත බැවින් ක්වීන්ස්ලන්තයේ සහ උතුරු නිව් සවුත් වේල්ස්හි මිලියන හතරක ජනතාවක් ඊට සූදානම්කර ඇති බවයි වාර්තා වන්නේ.