ඇනවුම් කළ දුරකථනයට ගෙවීමට මුදල් නොමැති නිසා නිවසට පැමිණි බෙදාහැරීමේ නියෝජිතයා ඝාතනය කරලා

භාණ්ඩ බෙදාහැරීම සඳහා නිවසට පැමිණි බෙදාහැරීමේ නියෝජිතයෙකු ඝාතනය කළ තරුණයෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

20 හැවිරිදි වියේ පසුවන තරුණයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන්දියාවේ ප්‍රමුඛ භාණ්ඩ බෙදාහැරීමේ සේවාවක් වන flipkart හි සේවය කළ බෙදාහැරීමේ නියෝජිතයෙකු ඝාතනය කළ බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ.

සැකකාර තරුණයා ඔන්ලයින් ක්‍රමයට අයිෆෝන් වර්ගයේ ජංගම දුරකථනයක් ඇනවුම් කර ඇති අතර, එය රැගෙන නිවසට පැමිණි බෙදාහැරීමේ නියෝජිතයා මෙලෙස ඝාතනය කර ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

ජංගම දුරකථනය රැගෙන බෙදාහැරීමේ නියෝජිතයා නිවසට පැමිණි පසු ඊට ගෙවීමට මුදල් නොමැතිවීම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

23 හැවිරිදි හේමන්ත් නායික් නැමති බෙදාහැරීමේ නියෝජිතය මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර, අනවුම් කළ ජංගම දුරකථනයට මුදල් ලබදීමට නිවස තුළට පැමිණෙන බව පවසා සැකකාර තරුණයා විසින් තියුණු ආයුධයකින් ඇණ මෙම ඝාතනය සිදුකර තිබෙනවා.

කර්නාටක, ප්‍රාන්තයේ හසන් ප්‍රදේශයේ මෙම ඝාතනය සිදුව ඇත්තේ පසුගිය 07 වනදා බවයි එරට ආරක්ෂක අංශ පවසන්නේ.

බෙදාහැරීමේ නියෝජිතයා අතුරුදන් බවට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ඇරඹු පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමෙන් අනතුරුව සැකකාර 20 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
7
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?