ඇනවුම් කළ දුරකථනයට ගෙවීමට මුදල් නොමැති නිසා නිවසට පැමිණි බෙදාහැරීමේ නියෝජිතයා ඝාතනය කරලා

භාණ්ඩ බෙදාහැරීම සඳහා නිවසට පැමිණි බෙදාහැරීමේ නියෝජිතයෙකු ඝාතනය කළ තරුණයෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

20 හැවිරිදි වියේ පසුවන තරුණයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන්දියාවේ ප්‍රමුඛ භාණ්ඩ බෙදාහැරීමේ සේවාවක් වන flipkart හි සේවය කළ බෙදාහැරීමේ නියෝජිතයෙකු ඝාතනය කළ බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ.

සැකකාර තරුණයා ඔන්ලයින් ක්‍රමයට අයිෆෝන් වර්ගයේ ජංගම දුරකථනයක් ඇනවුම් කර ඇති අතර, එය රැගෙන නිවසට පැමිණි බෙදාහැරීමේ නියෝජිතයා මෙලෙස ඝාතනය කර ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

ජංගම දුරකථනය රැගෙන බෙදාහැරීමේ නියෝජිතයා නිවසට පැමිණි පසු ඊට ගෙවීමට මුදල් නොමැතිවීම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

23 හැවිරිදි හේමන්ත් නායික් නැමති බෙදාහැරීමේ නියෝජිතය මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර, අනවුම් කළ ජංගම දුරකථනයට මුදල් ලබදීමට නිවස තුළට පැමිණෙන බව පවසා සැකකාර තරුණයා විසින් තියුණු ආයුධයකින් ඇණ මෙම ඝාතනය සිදුකර තිබෙනවා.

කර්නාටක, ප්‍රාන්තයේ හසන් ප්‍රදේශයේ මෙම ඝාතනය සිදුව ඇත්තේ පසුගිය 07 වනදා බවයි එරට ආරක්ෂක අංශ පවසන්නේ.

බෙදාහැරීමේ නියෝජිතයා අතුරුදන් බවට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ඇරඹු පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමෙන් අනතුරුව සැකකාර 20 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විවාදයෙන් පසු මුජිබුර් ආණ්ඩුවට සැරටම අමතයි - ඔළු ගණන්වලින් පැරදී හැබැයි එළියේ අපි දිණුම්
02:49
Video thumbnail
රජීව්, සජිත් එක්ක ඩීල් දාලාද ? මේ රටට ආපහු මැතිවරණ නැතිවෙන්න යන්නේ
05:01
Video thumbnail
ගම්පොළ සලිත කරමින් මහවැලි ගඟෙන් හමුවූ නිසල සිරුර - මෙන්න එහි නවතම දර්ශන
00:56
Video thumbnail
කිසිම ලැජ්ජාවක් නැතුව ධුරය දරමින් ඉන්නවා - අධිකරණ ඇමති ගැන දොලවත්ත කට අරියි
04:58
Video thumbnail
සමන් දේවාලයේ සුවිශේෂී රාජකාරියක් ප්‍රථම වතාවට මාධ්‍යයට නිරාවරණය කරයි
03:35
Video thumbnail
ලොරියකට උපමා කරලා ආණ්ඩුවේ ගමන ගැන සැරටම කිව්ව ලාල්කාන්ත - අපි ඕවර්ටේක් කරමින් ඉන්නේ
03:17
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට පඩි දෙන්නේ මහ ජනතාව නෙවෙයි..එහෙම බම්බුවක් නෑ - ළඟදිම ආයේ පඩි වැඩිවෙනවා
05:24
Video thumbnail
කන්කසන්තුරය බලා ගිය රාත්‍රී තැපැල් දුම්රිය පීලි පනී
01:16
Video thumbnail
කන්කසන්තුරය බලා ගිය රාත්‍රී තැපැල් දුම්රිය පීලි පනී - දුම්රිය ධාවනයට බාධා
01:46
Video thumbnail
රාජපක්ෂලට තියෙන නඩු අවසන් කරන හැටි නාමල් හෙළිකරයි - මේ ආණ්ඩුවේම නඩු අහන්න ඕනි
04:42