කොළඹ නගරයේ ජල බැසීමේ පද්ධතියට බාධා වන අනවසර ඉදිකිරීම් හඳුනාගෙන ඉවත් කිරීමට කොළඹ මහ නගර සභාව පියවර ගනිමින් සිටින බව නගරාධිපතිනී ව්රායි කැලි බල්තසාර් පවසනවා.
අනවසර ඉදිකිරීම් හේතුවෙන් ජලය බැස යන ඇළ මාර්ගවල ජල ගලායාමට මෙන්ම ඒවා පිරිසිදු කිරීම හා නඩත්තු කිරීමට ද බාධා එල්ල වන බවයි ඇය පවසන්නේ.
මේ අතර, තම ඉඩම්වල තිබූ අනවසර ඉදිකිරීම් ස්වේච්ඡාවෙන් ඉවත් කිරීමට ඉදිරිපත් වූ නිවාස හිමියන් සහ සමාගම්වල සහයෝගය ද නගරාධිපතිනිය අගය කර තිබෙනවා.










