Rajapura Handi Oil
Rajapura Diabetic Powder

රුසියාවේ දී මාට්ටු වූ රොටුඹ අමිල හෙට දිවයිනට රැගෙන එයි

දකුණු පළාත කේන්ද්‍ර කාරගනිමින් සිදුවූ මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසකට පොලිසියට අවශ්‍ය සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන “රොටුඹ අමිල” නමැත්තා පසුගිය වසරේදී රුසියානු ආරක්ෂක අංශ විසින් එරටදී අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව එරට ආරක්ෂක අංශ සමඟ සම්බන්ධය වෙමින්, ඔහුව මෙරටට රැගෙන එම සඳහා අවශ්‍ය පියවර ගැනීමට මෙරට පොලිසිය කටයුතු කළා

ඔහුව මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මේ වනවිට රුසියාව බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, ඔහුව හෙට (20) දිනයේදී මෙරටට රැගෙන ඒමට නියමිතයි.