Rajapura Handi Oil
Rajapura Diabetic Powder

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වයි

කොම්පඤ්ඤ වීදියේ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ අද (19) පස්වරුවේ හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන් මැඩපවත්වා තිබෙනවා.

කොළඹ නගර සභාවේ ගිනි නිවීමේ රථ 02ක් ගින්න පාලනය කිරීම සඳහා පැමිණියා.

දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සිසිලන කුළුණක මෙම ගින්න හටගෙන තිබූ අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

කෙසේ වෙතත් ගින්න හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ දෛනික කටයුතුවලට කිසිදු බාධාවක් එල්ල නොවූ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළා.