යුද සමයේ මඩකලපුව, චෙංකලඩි ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වරදකරු වූ EPDP සාමාජිකයන් 8 දෙනෙකුට මඩකලපුව මහාධිකරණය මරණ දඬුවම නියම කරයි.
2008 දී ඊ.පී.ඩී.පී සාමාජිකයින් විසින් එරාවුර් පොලිස් ස්ථානයේ දේවදාස් සුරේෂ් කුමාර් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අට දෙනෙකුට මඩකලපුව මහාධිකරණ විනිසුරු ආර්.ජේ. ප්රභාකරන් මහතා අද (19) මරණ දඬුවම නියම කළ අතර, 9 වැනි විත්තිකරු නිදොස් කොට නිදහස් කිරිමට නියෝග කළා.
2008 ජුනි 19 වනදා එරාවුර් පොලිසිය ඊ.පී.ඩී.පී සාමාජිකයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කළේ, එවකට ඊ.පී.ඩී.පී කඳවුරේ සාමාජිකයින් විසින් දේවදාස් සුරේෂ් කුමාර් පැහැරගෙන ගොස් ඝාතනය කර, වළ දමා ඔහුගේ සිරුර මත කෙසෙල් ගසක් සිටුවන ලද සිද්ධිය සම්බන්ධයෙන්.
ඉන්අනතුරුව නඩුව 2016 දී මහාධිකරණයට මාරු කරනු ලැබුවා.
පැහැර ගැනීම සඳහා භාවිත කළ ගුවන් යානය සොයා ගන්නා ලද අතර, නඩු විභාගය දිගටම දිර්ඝ කාලයක් විභාග කෙරුණා.
විත්තිකරුවන් වන ධර්මලිංගම් ඉලමාරන් නොහොත් රවී, වීරකුට්ටි සේකර්, මහේන්ද්‍රරාජා විනෝරාජ් නොහොත් විජේ, යෝගරාසා ජයකුමාර් නොහොත් ජෙක්කා, සිරිස්කාන්තරාජා නාගනාදන් නොහොත් සිරි, සොක්කලිංගම් නාගරාසා නොහොත් සිවා, අරුණාචලම් රාමචන්ද්‍රන් නොහොත් අරුල් සහ ගෝවින්දන් ප්‍රදීපන් නොහොත් විජි යන අය අධිකරණයේදී වරදකරුවන් කරනු ලැබුවා.
ඒ අනුව, අද පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥවරුන් වන එස්. අනුශංක සහ ටී. තාර්සික නඩු තීන්දුව අතරතුර පෙනී සිටි අතර, පළමු චෝදනාව වන මරණය සිදු කිරීම සඳහා පොදු අරමුණක් ඇති නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම සහ දණ්ඩ නීති සංග්‍රහයේ 140 වන වගන්තිය යටතේ මාස 6ක සරල සිර දඬුවමක් නියම කෙරුණා.
දෙවන චෝදනාව වූ පොදු අරමුණක් ඇති නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම සහ දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය යටතේ මරණ දඬුවම නියම කෙරුණා.
තුන්වන චෝදනාව වූ දේවදාස් සුරේෂ්කුමාර් මරණයට පත් කිරීම සහ දණ්ඩ නීති සංග්‍රහයේ 206 වන වගන්තිය යටතේ මරණ දඬුවම නියම කෙරුණා.
මඩකලපුව මහාධිකරණ විනිසුරු ආර්.ජේ. ප්රභාකරන් 8 දෙනාටම මරණ දඬුවම නියම කළ අතර, 9 වන විත්තිකරු නඩුවෙන් නිදොස් කොට නිදහස් කළා.
තීන්දුව ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුව, 08 දෙනාම වහාම අධිකරණයේ සිට මඩකලපුව බන්ධනාගාරයට රැගෙන යනු ලැබුවා.










