Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සතොස නඩුව දෙසැම්බර් 16ට කල්යයි

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින්, ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කළේයැයි යන චෝදනාව යටතේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන දෙසැම්බර් 16 වැනිදා යළි කැඳවිමට කොළඹ මහාධිකරණය අද (19) නියෝග කළා.

ඒ අනුව අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කළා.

එහිදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණ හමුවේ පෙනී සිටියේය.

අල්ලස් කොමිසමේ මෙහෙය වීම මත අද (19) දින සාක්ෂිකරුවන් සාක්ෂි ලබාදුන්නා.

ඉන්අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ලබන 16 වැනිද කැඳවිමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර තිබෙනවා.