කහව හන්දියේ දී පුද්ගලයෙකුට වෙඩි තැබීමට ගත් උත්සාහයක් අනූනවයෙන් වැළකෙයි

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව හන්දිය ප්‍රදේශයේ දී අද (21) දහවල් පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමට ගත් උත්සාහයක් ව්‍යාර්ථ වී තිබෙනවා.

කහව හන්දියේ ත්‍රිරෝද රථ නැවතුම්පොළ අසළ රැඳී සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගෙන මෙලෙස වෙඩි තැබීමට තැත්කර ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ වෙඩික්කරුගේ ඉලක්කය වූ පුද්ගලයා දිවගොස් ඇති අතර, ඔහු පසුපස වෙඩික්කරු ද හඹා ගොස් වෙඩි තැබීමට උත්සාහ ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් වෙඩික්කරුගේ ඉලක්කය වූ පුද්ගලයා පලා ගිය මාර්ගය වෙඩික්කරුට සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් වෙඩි තැබීම ව්‍යාර්ථ වී ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩික්කරුගේ ඉලක්ක වූ පුද්ගලයා මීටියාගොඩ ප්‍රදේශයේ සිදුවූ ඝාතනයකට සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගතව සිට මෑතකදී ඇප ලබා පැමිණි අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

අම්බලන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධව විමර්ශන අරඹා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාතිවාදී පිල්ලිවලට අඟලකින්වත් උඩට එන්න ඉඩ දෙන්නේ නෑ
02:49
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නේ නැතුව කාන්තාවෝ අල්ලගනී
03:58
Video thumbnail
හරියට පරීක්ෂණය කළොත් කවුරුත් ඉතුරු වෙන්නේ නෑ
01:32
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47