ආරක්ෂක ගැටළු මත එක්සත් ජනපද සංචාරයෙන් වළකින්න – චීනය සිය AI ප්‍රධානීන්ට කියයි

එක්සත් ජනපදයට යාමෙන් වළකින ලෙස චීන බලධාරීන් රටේ ඉහළම කෘත්‍රිම බුද්ධි ව්‍යවසායකයින්ට සහ පර්යේෂකයන්ට උපදෙස් දෙමින් සිටින බව වෝල් ස්ට්‍රීට් ජර්නලය කළා.

විදේශගත වන චීන AI විශේෂඥයින්ට ජාතියේ ප්‍රගතිය පිළිබඳ රහස්‍ය තොරතුරු හෙළි කිරීමට සිදුවනු ඇති බවට බලධාරීන් සැලකිලිමත් වන බව පුවත්පත පවසනවා.

පළමු ට්‍රම්ප් පරිපාලනය තුළ වොෂින්ටනයේ ඉල්ලීම පරිදි කැනඩාවේ Huawei විධායක නිලධාරියෙකු රඳවා තබා ගැනීමට සමාන්තරව, එක්සත් ජනපද-චීන සාකච්ඡාවලදී විධායකයින් රඳවා තබාගෙන කේවල් කිරීමේ මෙවලමක් ලෙස භාවිතා කළ හැකි බවට බලධාරීන් බිය පළ කර තිබෙනවා.

චීන ජනාධිපති ෂී ජින්පිං සිකුරාදා කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ නිලධාරීන්ගේ රැස්වීමකදී සයිබර් ආරක්ෂණ සහ කෘත්‍රීම බුද්ධි ක්ෂේත්‍රයන් ඇතුළුව චීනයේ සමස්ත ආරක්ෂාව වැඩි කළ යුතු යැයි ප්‍රකාශ කළ බව චීනයේ රාජ්‍ය රූපවාහිනිය සෙනසුරාදා වාර්තා කළා.

පසුගිය මාසයේ, චීන නායකයා ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකයේ තාක්‍ෂණ අංශයේ ප්‍රමුඛයන් කිහිපදෙනෙකු සමඟ විරල ගණයේ රැස්වීමක් පැවැත්වූ අතර, “ඔවුන්ගේ දක්ෂතා පෙන්වීමට” සහ චීනයේ ආකෘතියේ සහ වෙළඳපොලේ බලය කෙරෙහි විශ්වාසය තබන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියා.

සංචාරය කිරීමට තෝරා ගන්නා චීන විධායකයින්ට පිටත්ව යාමට පෙර ඔවුන්ගේ සැලසුම් වාර්තා කරන ලෙසත්, ආපසු පැමිණීමෙන් පසු, ඔවුන් කළ දේ සහ ඔවුන් මුණගැසුණු අය පිළිබඳව බලධාරීන්ට දැනුම්දෙන ලෙසත් උපදෙස් දෙනු ලැබේ’ යැයි, ජර්නල් වාර්තාව පවසනවා.

DeepSeek නිර්මාතෘ Liang Wenfeng පෙබරවාරි මාසයේ පැරිසියේ පැවැත්වෙන AI සමුළුවකට සහභාගී වීමට කළ ආරාධනය ප්‍රතික්ෂේප කළ බව වාර්තාවේ දැක්වෙනවා.

තවත් ප්‍රධන චීන AI වේදිකා නිර්මාණකරුවෙක් බීජිං හි උපදෙස් අනුව පසුගිය වසරේ සැලසුම් කළ එක්සත් ජනපද සංචාරයක් අවලංගු කළ බව ජර්නලය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලුම්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට දිලුම් සමාව ගයි..මට ලැබුණු ආරංචිය තමයි මම කිව්වේ
03:11
Video thumbnail
අනුර කුමාරට ගෝඨාභය මුණගැහෙයි - පරිස්සම් වෙන්න
03:58
Video thumbnail
හර්ෂට ලැබුණු විනාඩි 3න් ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වයි
04:26
Video thumbnail
මස්කෙළියේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කරයි
02:44
Video thumbnail
ඉරාන්ගෙන් ක්‍රිකට් ව්‍යවස්ථාව ගැන විශේෂ ප්‍රකාශයක් - අපිට ආණ්ඩුවෙන් කිසිම බලපෑමක් නෑ
07:39
Video thumbnail
බල නහර ක#ගන්න එපා ජනාධිපතිතුමෝ - ප්‍රසාද් ජනාධිපතිගෙන් ඉල්ලයි
05:46
Video thumbnail
ලොරියක් අඩි 250ක ප්‍රපාතයකට පෙරළී සිදු වූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
සලේ ඇත්තටම මේකට සම්බන්ධද ? සාටකත් ගෑවිලද ? නාමල් සියල්ලට පිළිතුරු දෙයි
02:09
Video thumbnail
"බෑග් එක ඇරලා බලද්දි අම්මගේ කකුල් දෙක දැක්කා"සීදූවම සලිත කළ සිද්ධියේ නවතම දර්ශන
05:43
Video thumbnail
චානකගෙන් භයානක හෙළිදරව්වක් - ආණ්ඩුවෙන් රට තුළට සුදු මැස්සෝ ගෙනල්ලා..?
06:25