ආනයනික පයිනස් දැව සඳහා බදු වැඩි කිරීමට යෝජනා

ශ්‍රී ලංකාව තුළ දැව බවට පත් කිරීම සඳහා සුදුසු පයිනස් වන වගාවන් පවතින බැවින් දේශීය පයිනස් දැව නිෂ්පාදනය සඳහා වන පිරිවැය අඩුකර ගැනීමට පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, රාජ්‍ය දැව සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ පිළිබඳ කරුණු සාකච්ජා වුයේ රාජ්‍ය දැව සංස්ථාවේ නිලධාරීන් ඉදිරිපත්කළ ආනයනික පයිනස් දැව සඳහා වන පිරිවැය සහ දේශීය පයිනස් දැව නිෂ්පාදනය සඳහා වන පිරිවැය පිළිබඳ විශ්ලේෂණ වාර්තාව සළකා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ දැව බවට පත් කිරීම සඳහා සුදුසු පයිනස් වන වගා හෙක්ටයාර් 2964ක් ඇති බවත්, ඉන් ඝන මීටර් 750,000ක් දැව බවට පත් කිරීමට හැකි බව කමිටුව හමුවේ කරුණු දක්වමින් නිලධාරීන් සඳහන් කළා. එසේ වුවත් වසරකට රුපියල් කෝටි 160ක පමණ පයිනස් දැව,ඝන මීටර් 15,462ක් ආනයනය කරන බවයි කමිටුවේදී අනාවරණය වූයේ. මේ වන විටත් කෝටි 922ක් වටිනා ඝන මීටර් 375,000ක ඉරූ පයිනස් දැව සංචිත පැවතියද තවදුරටත් පයිනස් දැව ආනයනය කිරීම ගැටලුවක් බවයි කමිටුව අවධාරණය කළේ. මෙහිදී අනාවරණය වූයේ දේශීය පයිනස් ඉරූ දැව ඝන මීටරයක් (ඝන මීටර් 2ක් කුට්ටි දැව) සඳහා වන නිෂ්පාදන පිරිවැය ඝන මීටරයට රුපියල් 115,000ක් පමණ වන අතර ෆයිනස් ඉරූ දැව ඝන මීටරයක් ආනයනය කිරීම සඳහා රුපියල් 93,500ක් පමණ වැය වන බවයි. ලංකාව මුහුණු දී ඇති විදේශ විනිමය ගැටලුව මධ්‍යයේ විශාල මුදලක් වැය කර මෙලෙස ලංකාවට ෆයිනස් දැව ආනයනය කිරීම ගැටලුවක් වී තිබීම ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානයට යොමු වී තිබෙනවා.

ඒ් අනුව කමිටුව විසින් දැව සංස්ථාවේ නිලධාරීන් ලබා දුන් විශ්ලේෂණ වාර්තාව සලකා බලා පයිනස් සඳහා වන නිෂ්පාදන පිරිවැය තවදුරටත් අඩු කරගැනීට උපදෙස් ලබාදෙනු ලැබුවා. ඒ අනුව වසරකට ඝන මීටර් 75,000ක් පමණ වන පයිනස් ගස් කපා, ඒවා දේශීය ප්‍රයෝජනයට ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. එලෙස කටයුතු කළහොත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්ෂිකව රුපියල් මිලියන 441ක් ලැබෙන බවත්, ඒ ආශ්‍රිත රැකියා සිදුකරන කම්කරුවන්ට රුපියල් මිලියන 503ක්, ප්‍රවාහන කටයුතුවල නිරතවන්නන්ට රුපියල් මිලියන 433ක් හා දැව ඉරන්නන්ට රුපියල් මිලියන 1.2ක් ලැබෙන බවයි කමිටුව අවධාරණය කළේ. එමෙන්ම දැව සංස්ථාවේ ආදායම ලෙස රුපියල් මිලියන 331ක් දක්වා වර්ධනය කරගත හැකි බව පෙන්වා දුන් කමිටුව දේශීය වශයෙන් මෙරට ජනතාවට සහ රජයට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

ඒසේම දේශීයව නිෂ්පාදනය කරනු ලබන පයිනස් දැව සදහා දේශීය හා විදේශීය වෙළෙඳපොළේ ඉල්ලුම වැඩි කර ගැනීමට එහි නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීමටද යෝජනා කිහිපයක් කාරක සභාව ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන වගාවලින් පයිනස් දැව කැපීමේදී ගෙවනු ලබන රුපියල් 11,125.96ක මුදල 8,500ක් දක්වා අඩු කිරීම ට මෙන්ම රාජ්‍ය දැව සංස්ථාව විසින්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන වගාවලින් කපා අලෙවි කරනු ලබන පයිනස් දැව සදහා තබා ඇති 25% ක ලාභාංශය 10% ක් දක්වා අඩු කිරීමට යෝජනා කරනු ලැබුවා.

රාජ්‍ය දැව සංස්ථාව විසින් එම වන වගාවල දැව නිස්සාරණය කිරීම සදහා සුදුසු කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සදහා මාස තුනක පමණ කාලයක් ගත වන බැවින් මෙම තත්ත්වය මගහරවා ගැනීම සඳහා රාජ්‍ය දැව සංස්ථාව විසින් සෘජුවම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නැවත වන වගා පිහිටුවීමට වැයවන මුදල් ගෙවීමට ක්‍රමවේදයක් සකස් කිරීම යෝග්‍ය බව කමිටුව යෝජනා කරනු ලැබුවා. ඒසේම දැනට පවතින පයිනස් වන වගා, දැව සඳහා ඉවත් කිරීමෙන් පසු නැවත පයිනස් වගා ස්ථාපිත කිරීම පිළිබඳව අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා ගැනීමට සහ එලෙස නැවත පයිනස් වන වගා සිදුකිරීමේදී ඊට සුදුසු පයිනස් විශේෂයන් හඳුනාගැනීම සම්බන්දයෙන් ද කාරක සභාවේදී සාකච්ඡා වුණා. මෙදින කාරක සභාව රැස්වීමට සහභාගී වු තරුණ නියෝජිතයින් ද අදහස් දක්වමින් ප්‍රකාශ කළේ නැවත වගාවට සුදුසු පයිනස් විශේෂ සම්බන්ධයෙන් තොරතුරු සොයා බලා කාරක සභාවට වාර්තා කළ හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මම කිව්ව එක විකෘති කරලා සමාජ මාධ්‍ය ගහන්නේ".. එදා කිව්ව කතාවට අද දෙන උත්තරය
02:37
Video thumbnail
අල්ලලා විසික්කරන්න කළින් ඉල්ලා අස්වෙන්න - තිස්සකුට්ටි ජනපතිට අනතුරු අඟවයි
05:17
Video thumbnail
අපි බලය බෙදාගත්තොත් නැවත යුද්ධයක් ඇතිවෙන්නේ නෑ
08:32
Video thumbnail
ඉරාන් ඇත්තටම ආදරේ ජලනි ප්‍රේමදාසටද ? ක්‍රිකට්වලටද ?..අසාධාරණ ප්‍රශ්නයක් මේ
04:23
Video thumbnail
රට පුරා මහා ජන රැළි කරන්න දැන් කාලය හරි
06:12
Video thumbnail
ක්‍රිකට්වලට මිලියන 47කට වඩා ඉතා විශාල මුදලක් වියදම් කරලා තියෙනවා..වෝහාරික විගණනයක් කරනවා
03:34
Video thumbnail
දිලුම්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට දිලුම් සමාව ගයි..මට ලැබුණු ආරංචිය තමයි මම කිව්වේ
03:11
Video thumbnail
අනුර කුමාරට ගෝඨාභය මුණගැහෙයි - පරිස්සම් වෙන්න
03:58
Video thumbnail
හර්ෂට ලැබුණු විනාඩි 3න් ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වයි
04:26
Video thumbnail
මස්කෙළියේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කරයි
02:44