spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අස්වැසුමේ දෙවැනි වටයට අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය අද

අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි වටය සඳහා අයදුම්පත් භාරදීමට දී තිබූ කාලය අදින් (22) අවසන් වනවා.

මේ වන විට මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් 250,000ක් පමණ ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව දිවයින පුරා පිහිටි ප්‍රදේශීය ලේකම් කාර්යාලවලට ද මෙම අයදුම්පත් භාරදීමට අවස්ථාව සලසා දී තිබුණා.

අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවැනි වටය සඳහා අයදුම්පත් භාරදීමට තිබූ කාලය පසුගිය 15 වනදා අවසන් වීමට තිබූ අතර, එම කාලය තවත් සතියකින් දීර්ඝ කිරීමටයි රජය පසුව කටයුතු කළේ.

මේ අතර දෙවැනි අදියර යටතේ තෝරාගන්නා ප්‍රතිලාභීන් වෙනුවෙන් ජූලි මාසයේ සිට අදාළ ගෙවීම් සිදු කිරීමට නියමිතයි.

අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහන මඟින් ප්‍රතිලාභ ලබන පිරිස මේ වනවිට ලක්ෂ 16 කට අධිකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?