අවතැන්වූවන්ට උදව් කරන්න ආ තරුණයෙක්ට පහර දුන් කඩුවෙල චන්ඩි අල්ලයි

දිවයින පුරා පැවති අයහපත් කාලගුණ තත්ත්වයෙන් අවතැන් වූ පිරිස් වෙත සහන සැලසීම සඳහා බෝට්ටුවක් රැගෙන බලපිටිය ප්‍රදේශයේ සිට කඩුවෙල ප්‍රදේශයට පැමිණි බවට සඳහන් කරන පුද්ගලයෙකු තමාට පිරිසක් විසින් පහරදුන් බවට ප්‍රකාශ කරන විඩීයෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වනවා.

කඩුවෙල පොලිස් වසමේ ගංවතුරින් අවතැන් වූවන් සඳහා සහන සැලසීමට පසුගිය පළමු වනදා බලපිටිය ප්‍රදේශයේ සිට කඩුවෙල ප්‍රදේශයට පැමිණි පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදීමක් සම්බන්ධයෙන් එම පුද්ගලයා විසින් පසුගිය 03 වන දින අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කඩුවෙල පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් පසු වැඩිදුර විමර්ශන සිදුකර ඊයේ (05) දින මෙම පහරදීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 38 හා 42 වයස්වල පසුවන කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සැකකරුවන් ඊයේ (05) දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ලබන 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
6
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27