අලුත් අවුරුද්ද වෙනුවෙන් රැඳවියන්ට සහනයක්

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් 13,14 හා 15 තෙදින තුළ සිරකරුවන් හට අමුත්තන් හමුවීම සඳහා සදහා වූ විශේෂ අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ලබා දී තිබෙනවා.

එදිනට සිරකරුවන් බැලීමට පැමිණෙන ඥාතීන් විසින් එක් අයෙකුට ප්‍රමාණවත් වන පරිදි ආහාර පාර්සලයක් හා එක් අයකුට ප්‍රමානවත් වන පරිදි ඔවුන්ට අවශ්‍ය රසකැවිලි රැගෙන විත් භාර දීම කළ හැකි බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මීට අමතරව සියලුම බන්ධනාගාර තුලදී රැඳවුවන් සදහා අලුත් අවුරුදු චාරිත්‍ර-වාරිත්‍ර සිදු කරනු ලබන අතර සියලුම රැඳවුවන් සදහා අවුරුදු කිරිබතක් ලබා දීමට ද බන්ධනාගාර දෙපාරතමේන්තුව කටයුතු සූදානම් කර තිබෙනවා.

හිසතෙල් ගෑමේ මංගල්‍යද චාරිත්‍රානුකූලව රැඳවුවන් වෙනුවෙන්ද පැවැත්වීමට නියමිතයි.

රැඳවියන්ගේ යහපත් මානසිකත්වය උදෙසා බන්ධනාගාර පුනරුත්ථාපන අංශය මගින් ජන ක්‍රීඩා ඇතුලත් අවුරුදු උත්සව, සංගීත වැඩසටහන් පැවැත්වීමටත් සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහන් මෙම අවුරුදු සතිය තුල සිදු කිරීමට පියවර ගෙන ඇති අතර ඒ සදහා සිරකරු සුභසාධක සංගමයේ උපකමිටුවල අනුග්‍රහයද ලැබී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51