spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අලුත් අවුරුද්ද වෙනුවෙන් රැඳවියන්ට සහනයක්

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් 13,14 හා 15 තෙදින තුළ සිරකරුවන් හට අමුත්තන් හමුවීම සඳහා සදහා වූ විශේෂ අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ලබා දී තිබෙනවා.

එදිනට සිරකරුවන් බැලීමට පැමිණෙන ඥාතීන් විසින් එක් අයෙකුට ප්‍රමාණවත් වන පරිදි ආහාර පාර්සලයක් හා එක් අයකුට ප්‍රමානවත් වන පරිදි ඔවුන්ට අවශ්‍ය රසකැවිලි රැගෙන විත් භාර දීම කළ හැකි බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මීට අමතරව සියලුම බන්ධනාගාර තුලදී රැඳවුවන් සදහා අලුත් අවුරුදු චාරිත්‍ර-වාරිත්‍ර සිදු කරනු ලබන අතර සියලුම රැඳවුවන් සදහා අවුරුදු කිරිබතක් ලබා දීමට ද බන්ධනාගාර දෙපාරතමේන්තුව කටයුතු සූදානම් කර තිබෙනවා.

හිසතෙල් ගෑමේ මංගල්‍යද චාරිත්‍රානුකූලව රැඳවුවන් වෙනුවෙන්ද පැවැත්වීමට නියමිතයි.

රැඳවියන්ගේ යහපත් මානසිකත්වය උදෙසා බන්ධනාගාර පුනරුත්ථාපන අංශය මගින් ජන ක්‍රීඩා ඇතුලත් අවුරුදු උත්සව, සංගීත වැඩසටහන් පැවැත්වීමටත් සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහන් මෙම අවුරුදු සතිය තුල සිදු කිරීමට පියවර ගෙන ඇති අතර ඒ සදහා සිරකරු සුභසාධක සංගමයේ උපකමිටුවල අනුග්‍රහයද ලැබී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?