‘අපේ මාලිංග’ මීළඟ වසරේදී චෙන්නායි වෙනුවෙන් ලොකු වෙනසක් කරාවි – මතීෂ ගැන දෝනි තැබූ විශ්වාසය

ප්‍රබල චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට මෙවර ඉන්දීය ප්‍රිමියර් තරගාවලියෙන් ඉවත් වෙන්නට ඊයේ (20) සිදු වුණා.

ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ ඊයේ රාත්‍රියේ පැවති තරගය කඩුලු 05කින් පරාජය වීමත් සමඟයි.

ඊයේ තරගයේදීත් චෙන්නායි පිළ නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා 19 හැවිරිදි ක්‍රීඩක මතීෂ පතිරණට උදාවුණා.

එහිදී පන්දුවාර 03යි පන්දු 04ක් යොමුකරමින් ඔහු ප්‍රතිවාදීන්ට ලකුණු 28 ලබාදුන් අතර කඩුලු කිසිවක් දවා ගැනීමට මතීෂට හැකියාව ලැබුණේ නැහැ.

කෙසේ වෙතත් මතීෂගේ පන්දු යැවීම කෙරෙහි විශ්වාසය තැබූ චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝනි තරගයේ තීරණාත්මක අවසන් පන්දුවාරය යොමු කිරීමට ඔහුට ලබාදුන්නා.

එහිදී ජයග්‍රහණය වෙනුවෙන් රාජස්ථාන් ක්‍රීඩකයින්ට අවසන් පන්දුවාරයේ දී ලකුණු 07ක් රැස්කර ගැනීමට තිබූ අතර එම ලකුණු 07 පන්දු 04ක් තුළ රැස්කරගන්නට එම අවස්ථාවේ කඩුල්ලේ රැඳී සිටි රවිචන්ද්‍රන් අශ්වින් සහ රියන් පරාග්ට හැකියාව ලැබුණා.

කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝනි සඳහන් කළේ මතීෂ පතිරණ ලබන වසරේ චෙන්නායි සුපර් කිංග්ස් වෙනුවෙන් විශාල වෙනසක් සිදු කරනු ඇති බවයි.

දෝනි සමඟ පැවති සම්මුඛ සාකච්ඡාව පහතින්..

https://www.iplt20.com/video/45706/m68-rr-vs-csk–ms-dhoni-interview



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56