spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අපරාධකරුවන්ට රට පනින්න බැරිවෙන්න කටුනායක අලුත් වැඩක්

කටුනායක ගුවන් තොටුපොළ තුළ අපරාධකරුවන් මුහුණ මගින් හදුනා ගැනීමේ පද්ධතියක් ස්ථාපිත කර තිබෙනවා.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ සහභාගිත්වයෙනුයි එය විවෘත කෙරුණේ.

මෙහිදී අදහස් දක්වමින් වැඩ බලන පොලිස්පතිවරයා කියාසිටියේ අවුරුදු 157ක පොලිස් ඉතිහාසය තුළ මෙතෙක් විසඳා ගැනීමට නොහැකි වූ ගැටලුවකට පිළියමක් ලෙස මෙම පද්ධතිය ස්ථාපිත කළ බවයි.

කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්ත තුළ ස්ථාපිත කළ ස්වයංක්‍රීය මුහුණු හඳුනා ගැනීමේ පද්ධතිය (Facial Recognition Unit) විවෘත කිරීමෙන් අනතුරුව ගුවන් තොටුපොළ ශ්‍රවණාගාරයේ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම්වලට විසඳුම් ලබා දීම සදහා මීට මාස 06කට පෙර ස්ථාපිත කළ කමිටුව විසින් දීර්ඝකාලීන විසඳුමක් ලෙස කටුනායක ගුවන් තොටුපොළ තුළ රට තුළට පිවිසෙන සහ රටින් පළා යන අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා මෙවැනි පද්ධතියක් සවි කිරීමට යෝජනා කර තිබුණා.

මෑත කාලයේ දරුණු ඝණයේ මිනීමැරුම් සිදු කළ අපරාධකරුවන් 42 දෙනෙකු ඒවා සිදු කර පැය කිහිපයක් තුළ රටින් පළා ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ හේතුවෙන් රට තුළ සිදු කළ විශේෂ විමර්ශනයකින් අනතුරුව ශ්‍රී ලංකාව තුළ සිටින දරුණු ඝනයේ අපරාධකරුවන් 1092ක් පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කර ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කර ඇති ස්වයංක්‍රීය මුහුණු හඳුනා ගැනීමේ පද්ධතිය සමග සම්බන්ධ කර තිබෙනවා.

මීට අමතරව ආගමන විගමන දෙපාර්තමේන්තුව සමග එක් වී ජාත්‍යන්තර රතු වරෙන්තුකරුවන්ගේ තොරතුරු ද මෙම පද්ධතියට සම්බන්ධ කර තිබීම විශේෂත්වයක්.

මෙම පද්ධතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. .
මෙහිදී රටින් පිටවීමට හෝ රට තුළට පිවිසීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පැමිණෙන සියලු මගීන්ගේ ජායාරූප මෙම පද්ධතිය මගින් ග්‍රහණය කර ගන්නා අතර එවැනි අපරාධකරුවෙකු මෙම යන්ත්‍ර අභියසට පැමිණි විගස මෙම පරිගණක පද්ධතිය මගින් විශේෂ අනතුරු හැඟවීමේ සංඥා හඬක් නිකුත් කරනු ලබනවා.

එසැනින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ආගමන විගමන දෙපාර්තමේන්තු කවුන්ටර අසළ සිටින අපරාධකරු හඳුනා ගෙන අත් අඩංගුවට ගැනීම සිදු කරනු ඇති.

මේ සඳහා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කැමරා 08ක් සහ පිටත්වීමේ පර්යන්තයේ කැමරා 08ක් වශයෙන් කැමරා 16ක සේවා ලබා ගනිමින් සිටින අතර ඉදිරියේදී මෙම පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමට නියමිතව තිබෙනවා.

වසර 15ක් 20ක් පැරණි ඡායාරූප දත්ත වුව ද උපයෝගී කර ගනිමින්, වර්තමානයේ සැකකරු කෙතරම් වෙනස්වීම්වලට භාජනය වී සිටිය ද, ලිංගික වශයෙන් සංක්‍රාන්ති අවධි පසු කරමින් ලිංගික වෙනස්කම්වලට භාජනය වී සිටිය ද ඉතා පහසුවෙන් එම පුද්ගලයා හඳුනා ගැනීමේ අවස්ථාව මෙම පද්ධතිය සතු වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha “පිටුවෙන් පිටුව” – LIVE | 2024-07-13
00:00
Video thumbnail
KASTHIRAMA | පා.ම. ජගත් කුමාර සහ පා.ම. බුද්ධික පතිරණ සහභාගීවන 10 වන කස්තිරම වැඩසටහන සජීවීව
01:55:09
Video thumbnail
"සජිත් කවදාවත් පැනලා ගියේ නෑ" - "රනිල් වික්‍රමසිංහ කියන කතාව පට්ටපල් ශුද්ධ වූ බොරුවක්" #sjb
09:04
Video thumbnail
"ප්‍රශ්න මගඅරින්න බෑ...ජනතාව මෝඩයෝ නෙවෙයිනේ" - සජබ ආර්ථික ප්‍රතිපත්තිය හැදුන විදිය මෙන්න #sjb
02:16
Video thumbnail
අස්වැසුම නිසා සංවේදී වූ ඇමති... #aswesuma
06:13
Video thumbnail
"එක්සත් ජාතික පක්ෂය ගිනස් පොතට යන්න ඕනි" - "මාමා නැට්ටේ ඉඳන් ගොම ගාගත්තේ නෑ" #unp #sjb
11:41
Video thumbnail
බංකොලොත් රට ගොඩනගන්න සජිත්ගෙන් නව සංකල්ප දෙකක්...#sajithpremadasa
08:50
Video thumbnail
"අපි ලෝකෙන් ගත්තු ණය ගෙවාගන්න බැරිවෙච්ච ලෝකෙට පොලු තිබ්බ රටක්" #anurakumaradissanayake #akd
15:26
Video thumbnail
කොරෝනා කාලේ බිව් බෙහෙතෙන් ඇස් අන්ධ වූ තරුණයාගේ සංවේදී කතාව
02:58
Video thumbnail
බිංගිරියේ ඉදිවන ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන සැකසුම් කලාපය
03:17

?