අපරාධකරුවන්ට රට පනින්න බැරිවෙන්න කටුනායක අලුත් වැඩක්

කටුනායක ගුවන් තොටුපොළ තුළ අපරාධකරුවන් මුහුණ මගින් හදුනා ගැනීමේ පද්ධතියක් ස්ථාපිත කර තිබෙනවා.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ සහභාගිත්වයෙනුයි එය විවෘත කෙරුණේ.

මෙහිදී අදහස් දක්වමින් වැඩ බලන පොලිස්පතිවරයා කියාසිටියේ අවුරුදු 157ක පොලිස් ඉතිහාසය තුළ මෙතෙක් විසඳා ගැනීමට නොහැකි වූ ගැටලුවකට පිළියමක් ලෙස මෙම පද්ධතිය ස්ථාපිත කළ බවයි.

කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්ත තුළ ස්ථාපිත කළ ස්වයංක්‍රීය මුහුණු හඳුනා ගැනීමේ පද්ධතිය (Facial Recognition Unit) විවෘත කිරීමෙන් අනතුරුව ගුවන් තොටුපොළ ශ්‍රවණාගාරයේ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම්වලට විසඳුම් ලබා දීම සදහා මීට මාස 06කට පෙර ස්ථාපිත කළ කමිටුව විසින් දීර්ඝකාලීන විසඳුමක් ලෙස කටුනායක ගුවන් තොටුපොළ තුළ රට තුළට පිවිසෙන සහ රටින් පළා යන අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා මෙවැනි පද්ධතියක් සවි කිරීමට යෝජනා කර තිබුණා.

මෑත කාලයේ දරුණු ඝණයේ මිනීමැරුම් සිදු කළ අපරාධකරුවන් 42 දෙනෙකු ඒවා සිදු කර පැය කිහිපයක් තුළ රටින් පළා ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ හේතුවෙන් රට තුළ සිදු කළ විශේෂ විමර්ශනයකින් අනතුරුව ශ්‍රී ලංකාව තුළ සිටින දරුණු ඝනයේ අපරාධකරුවන් 1092ක් පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කර ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කර ඇති ස්වයංක්‍රීය මුහුණු හඳුනා ගැනීමේ පද්ධතිය සමග සම්බන්ධ කර තිබෙනවා.

මීට අමතරව ආගමන විගමන දෙපාර්තමේන්තුව සමග එක් වී ජාත්‍යන්තර රතු වරෙන්තුකරුවන්ගේ තොරතුරු ද මෙම පද්ධතියට සම්බන්ධ කර තිබීම විශේෂත්වයක්.

මෙම පද්ධතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. .
මෙහිදී රටින් පිටවීමට හෝ රට තුළට පිවිසීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පැමිණෙන සියලු මගීන්ගේ ජායාරූප මෙම පද්ධතිය මගින් ග්‍රහණය කර ගන්නා අතර එවැනි අපරාධකරුවෙකු මෙම යන්ත්‍ර අභියසට පැමිණි විගස මෙම පරිගණක පද්ධතිය මගින් විශේෂ අනතුරු හැඟවීමේ සංඥා හඬක් නිකුත් කරනු ලබනවා.

එසැනින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ආගමන විගමන දෙපාර්තමේන්තු කවුන්ටර අසළ සිටින අපරාධකරු හඳුනා ගෙන අත් අඩංගුවට ගැනීම සිදු කරනු ඇති.

මේ සඳහා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කැමරා 08ක් සහ පිටත්වීමේ පර්යන්තයේ කැමරා 08ක් වශයෙන් කැමරා 16ක සේවා ලබා ගනිමින් සිටින අතර ඉදිරියේදී මෙම පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමට නියමිතව තිබෙනවා.

වසර 15ක් 20ක් පැරණි ඡායාරූප දත්ත වුව ද උපයෝගී කර ගනිමින්, වර්තමානයේ සැකකරු කෙතරම් වෙනස්වීම්වලට භාජනය වී සිටිය ද, ලිංගික වශයෙන් සංක්‍රාන්ති අවධි පසු කරමින් ලිංගික වෙනස්කම්වලට භාජනය වී සිටිය ද ඉතා පහසුවෙන් එම පුද්ගලයා හඳුනා ගැනීමේ අවස්ථාව මෙම පද්ධතිය සතු වීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14