spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අපයෝජන චෝදනාවකට ලක්ව පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරු සියදිවි නසාගනී

අතුරුගිරිය පොලීසියේ සිරමැදිරියක් තුළ දී සැකකරුවකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ ලිංගික අපයෝජන චෝදනා මත අත්අඩංගුවට රඳවා සිටි සැකකරුවෙක් බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ පනාගොඩ – රොමියෙල් මාවතේ පදින්න්චිව සිටි 54 හැවිරිදි දෙදරු පියෙක්.

හෝමාගම, පනාගොඩ, මාදෙණියවත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 19ක තරුණියක් සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරු
අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අදාළ තරුණියට පැවති අසනීප තත්ත්වයක් සුවපත් කිරීමට යාගහෝම මඟින් ප්‍රතිකර්මයක් සිදුකිරීමට අවශ්‍ය බව පවසා ඇයව සැකකරු ඉකුත් අගෝස්තු 01 වනදා සිය නිවසට කැඳවාගෙන ගොස් තිබුණා.

එලෙස නිවසට කැඳවාගෙන ගොස් ඇති තරුණියව සැකකරු විසින් අපයෝජනය කළ බවටයි පැමිණිලි කර ඇත්තේ.

ඒ, අනුව සැකකරු අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරිය තුළ රඳවා සිටිය දී මෙලෙස සියදිවි නසාගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

අපයෝජනයට ලක් වූ බව කියන තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?