නීතිඥවරියකට පිහි ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසනවා.
ඊයේ (23) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි වියේ පසු වූ හිටපු හමුදා සෙබළෙක්.
මෙම පුද්ගලයා නීතිඥවරිය සමඟ කලක සිට අනියම් ප්‍රේම සම්බන්දයක් පවත්වා ගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
ඇය මෑතකදී ඔහු මඟහැර සිටීම හේතුවෙන් ඊට කෝපයට පත්ව අද (23) සවස ඇය පානදුර දුම්රියෙන් බැස නිවසකරා යමින් සිටිය දී මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ප්‍රහාරයෙන් නීතිඥවරියගේ පිටට සහ අතකට තුවාල සිදුව ඇති අතර, ඇය ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී පානදුර දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට රාජකාරි යෙදී සිටි පොලිස් රථවාහන අංශ නිළධාරීයෙක් ද සුළු කැපුම් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
පහරදීමට යොදාගත් පිහිය පොලිස් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු අද (24) පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.