අනියම් පෙම මඟහැර සිටි නීතිඥවරියකට පිහි ප්‍රහාරයක්

නීතිඥවරියකට පිහි ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසනවා.

ඊයේ (23) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි වියේ පසු වූ හිටපු හමුදා සෙබළෙක්.

මෙම පුද්ගලයා නීතිඥවරිය සමඟ කලක සිට අනියම් ප්‍රේම සම්බන්දයක් පවත්වා ගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඇය මෑතකදී ඔහු මඟහැර සිටීම හේතුවෙන් ඊට කෝපයට පත්ව අද (23) සවස ඇය පානදුර දුම්රියෙන් බැස නිවසකරා යමින් සිටිය දී මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රහාරයෙන් නීතිඥවරියගේ පිටට සහ අතකට තුවාල සිදුව ඇති අතර, ඇය ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී පානදුර දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට රාජකාරි යෙදී සිටි පොලිස් රථවාහන අංශ නිළධාරීයෙක් ද සුළු කැපුම් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පහරදීමට යොදාගත් පිහිය පොලිස් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු අද (24) පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
6
+1
24
+1
7
+1
7
+1
10
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව හීනෙන් දකින්නෙත් නාමල් නාමල් කියලා - එක මිටට දුන්න අපි නැවත නිවැරදි තැනට ගේන්න ඕනි
04:59
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට ටිල්වින් උත්තර දෙයි - "විපක්ෂයේ අයත් ඔය බොරු කියන්නේ"
01:16
Video thumbnail
ටිල්වින් විපක්ෂයට සැරටම කියයි - "අපි තිබ්බ අඩිය ආය පස්සට ගන්නේ නෑ..කිසි අභියෝගයක් නෑ"
02:52
Video thumbnail
නාමල් රාජපක්ෂ ගැම්මට එද්දිම ඔළුව උඩින් ගිය මාළු පාන්...
00:17
Video thumbnail
ආණ්ඩුව පෝෂණය කරන අපරාධකාරයෝ නිදහසේ වෙ# තියනවා - නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
10:49
Video thumbnail
සුද්දට අයිස් විකුණන්න ගිහින් ජාත්‍යන්තරය ට ගිය අන්කල් - මොනවා කියනවද තේරෙන්නේ නෑනේ බන්
02:55
Video thumbnail
රථ පෙරහැරකින් ගැම්මට හෝමගමට ගිය නාමල් - අපේ රජතුමාට ජයෙන් ජයම වේවා..!
02:08
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ අතින් විවෘත වුණ සාමාධි පිළිමය - දිලිත්, රෝහිත ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
04:17
Video thumbnail
සිනහ මුසු මුහුණින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට දුන්නු උත්තරේ...
00:38
Video thumbnail
හෝමාගමට එද්දී හැමෝම ෆෝන් එක උස්සද්දී නාමල් රාජපක්ෂ පුදුමයට පත්වෙයි..
01:39