අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවියට නව කොන්දේසි

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම නියාමනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගන්නා බවයි පාරිභෝගික අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව අන්තර්ජාල හරහා යම් භාණ්ඩයක් සම්බන්ධයෙන් වෙළෙඳ ප්‍රචාරණය සිදුකරන විට නොමඟ යවන සුළු කටයුතුවල නිරත නොවිය යුතු අතර භාණ්ඩයේ සත්‍ය ගැණුම් මිල අන්තර්ජාලය ඔස්සේ ප්‍රදර්ශනය කර ඇති මිල බවට සහතික වියයුතු බව සඳහන්.

පාරිභෝගිකයින්ගේ ඇගයීම් හා සමාලෝචන සම්බන්ධයෙන් අසත්‍ය ඇගයීම් ප්‍රකාශයට පත් නොකළ යුතු අතර සමාලෝචන යොමු කිරීමට කුලී පදනම මත තෙවන පාර්ශ්වයක් යොදා නොගත යුතු බවද එහි දැක්වෙනවා.

අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කර ප්‍රවාහනයේදී සියලු තොරතුරු ඇතුළත් කුවිතාන්සියක් පාරිභෝකයා වෙත නිකුත් කළ යුතු බවයි පාරිභෝගික අධිකාරිය පෙන්වා දෙන්න්.

එමෙන්ම අලෙවි කරන ලද භාණ්ඩ සම්බන්ධයෙන් පාරිභෝගික පසු විපරම් යාන්ත්‍රණයක් ඇතිකළ යුතු බවද පාරිභෝගික අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39