spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවියට නව කොන්දේසි

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම නියාමනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගන්නා බවයි පාරිභෝගික අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව අන්තර්ජාල හරහා යම් භාණ්ඩයක් සම්බන්ධයෙන් වෙළෙඳ ප්‍රචාරණය සිදුකරන විට නොමඟ යවන සුළු කටයුතුවල නිරත නොවිය යුතු අතර භාණ්ඩයේ සත්‍ය ගැණුම් මිල අන්තර්ජාලය ඔස්සේ ප්‍රදර්ශනය කර ඇති මිල බවට සහතික වියයුතු බව සඳහන්.

පාරිභෝගිකයින්ගේ ඇගයීම් හා සමාලෝචන සම්බන්ධයෙන් අසත්‍ය ඇගයීම් ප්‍රකාශයට පත් නොකළ යුතු අතර සමාලෝචන යොමු කිරීමට කුලී පදනම මත තෙවන පාර්ශ්වයක් යොදා නොගත යුතු බවද එහි දැක්වෙනවා.

අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කර ප්‍රවාහනයේදී සියලු තොරතුරු ඇතුළත් කුවිතාන්සියක් පාරිභෝකයා වෙත නිකුත් කළ යුතු බවයි පාරිභෝගික අධිකාරිය පෙන්වා දෙන්න්.

එමෙන්ම අලෙවි කරන ලද භාණ්ඩ සම්බන්ධයෙන් පාරිභෝගික පසු විපරම් යාන්ත්‍රණයක් ඇතිකළ යුතු බවද පාරිභෝගික අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?