අනවසර විදුලි රැහැනක ගැටීමෙන් වන අලියෙක් මරුට (ඡායාරූප)

ගල්කිරියාගම වනසත්ව අඩවියට අයත් පලාගල ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා.

එම වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (10) පස්වරුවේ අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය උදේශිකා මධුවන්ති මෙනවිය ඇතුළු එම ඒකකයේ නිලධාරීන් විසින් පැවැත්වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පලාගල , මැදගම ප්‍රදේශයේ ගෙවත්තක් වටා ඉදිකර තිබූ අනවසර විදුලි රැහැනක ගැටී විදුලි සැර වැදීමකින් එම අලියා මිය ගොස් ඇති බව සඳහන්.

මෙලෙස මිය ගොස් ඇත්තේ කහල්ල පල්ලේකැලේ අභය භූමිය හා කලාවැව ජාතික උද්‍යානයේ සැරිසැරූ සිටි වයස අවුරුදු 30ක් පමණ වන උස අඩි 8ක පමණ වන අලියෙක්.

එම වන අලියා අදාළ ගෙවත්තට ඇතුලු වීමට ගිය අවස්ථාවේ විදුලි සැර වැදීමකින් මිය ගොස් ඇති බව වනජීවී නිලධාරීන් පවසනවා.

මියගිය අලියා අදාළ ගෙවත්තට මායිම්ව ඒ ඉදිරිපිටින් දිවෙන පලාගල මීවැව අතුරු මාර්ගය හරහා වැටි සිටි අතර මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනයට ද බාධා මතුවී තිබූ බවයි අප වාර්තාකරු කියාසිටියේ.

වනජීවී පශු වෛද්‍යවරුන් ඇතුළු නිලධාරීන් කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු අනාවරණ වී ඇත්තේ විදුලි සැර වැදීම අලියාගේ මරණයට හේතුව වී ඇති බවටයි. මිය ගිය අලියාගේ හොඬවැල ආශ්‍රිතව විදුලි සැර වැදීමෙන් හට ගත් තුවාල කිහිපයක් ද දක්නට ලැබුණා.

වනජීවී නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් අනවසර විදුලි වැට ඉදිකර තිබූ ගෙවත්තේ 30 හැවිරිදි හිමිකරු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් ගෙවත්ත වටා ඉදිකර තිබූ අනවසර විදුලි වැටේ කම්බි කොටස්, වයර් සහ පරිපථයක් ඇතුලු කොටස් රැසක් ද වනජීවී නිලධාරීන් භාරයට ගෙන ඇතැයි සඳහන්.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව වන අලියා මරණයට පත්ව සිටි ස්ථානය ආසන්නදීම මිහිදන් කිරීමට ග්‍රාම නිලධාරීවරයාගේ මැදිහත්වීම මත කටයුතු කෙරුණා.

වන අලියාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.

සිද්ධියට අදාළ නඩුව ලබන 30 වනදා යළි කැදවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18