අධිවේගයේ අනතුරකින් 3කට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 13.01 ගැලනිගම ප්‍රදේශයේදී බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද සවස මෙම අනතුර සිදුවී ඇත්තේ ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාලකරුවන් අතර බස් රථයේ ගිය ඇඟලුම් සේවිකාවක් ද වන බව සඳහන්. ඔවුන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෝටර් රථය අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී එම දිශාවටම ධාවනය වෙමින් තිබූ ඇඟලුම් සේවිකාවන් රැගත් බස් රථය මෝටර් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අනතුර වන අවස්ථාවේදී මෝටර් රථයේ පුද්ගලයන් දෙදෙනකු ගමන් කර ඇති අතර ඔවුන් දෙදෙනාට සහ බස් රථයේ ගමන් ගත් ඇඟලුම් සේවිකාවකට අනතුරෙන් තුවාල සිදුවී තිබෙනවා.

පානදුර ඇඟලුම් කර්මාන්ත ශාලාවක සිට බියගම ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වෙත සේවිකාවන් 25 දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටියදී බස් රථය අනතුරට මුහුණ දී තිබෙනවා.

බස් රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුවී ඇතැයි පොලිසිය ප්‍රකාශ කරන අතර අනතුරින් මෝටර් රථයට ද බරපතල අලාභ හානි සිදු වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51