spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අධිවේගයේ අනතුරකින් 3කට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 13.01 ගැලනිගම ප්‍රදේශයේදී බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද සවස මෙම අනතුර සිදුවී ඇත්තේ ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාලකරුවන් අතර බස් රථයේ ගිය ඇඟලුම් සේවිකාවක් ද වන බව සඳහන්. ඔවුන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෝටර් රථය අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී එම දිශාවටම ධාවනය වෙමින් තිබූ ඇඟලුම් සේවිකාවන් රැගත් බස් රථය මෝටර් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අනතුර වන අවස්ථාවේදී මෝටර් රථයේ පුද්ගලයන් දෙදෙනකු ගමන් කර ඇති අතර ඔවුන් දෙදෙනාට සහ බස් රථයේ ගමන් ගත් ඇඟලුම් සේවිකාවකට අනතුරෙන් තුවාල සිදුවී තිබෙනවා.

පානදුර ඇඟලුම් කර්මාන්ත ශාලාවක සිට බියගම ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වෙත සේවිකාවන් 25 දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටියදී බස් රථය අනතුරට මුහුණ දී තිබෙනවා.

බස් රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුවී ඇතැයි පොලිසිය ප්‍රකාශ කරන අතර අනතුරින් මෝටර් රථයට ද බරපතල අලාභ හානි සිදු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?