අත්අඩංගුවට ගැනුණු වසන්ත කරන්නාගොඩ අධිකරණයට රැගෙන එයි

අල්ලස් කොමිසම මගින් අද (03) පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණු හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහුව ඉදිරිපත් කරනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙතටයි.

අල්ලස් කොමිසම නිවේදනය කළේ, 2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශය සඳහා ශිෂ්‍ය භට නිලධාරීන් බඳවා ගැනීමේදී නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ විධායක අංශයේ ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස බඳවා ගැනීම සහ එවකට පැවති ක්‍රමවේදයෙන් බැහැරව රජයේ මුදල් වැය කරමින් ඔහුට බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවකට සහභාගී වීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් දූෂණ චෝදනාව මත හිටපු නාවික හමුදාපතිවරටා අත්අඩංගුවට ගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted